Thursday, July 20, 2017
Hotline - 0770586666

මියගිය පුද්ගලයෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක්ද මේක? - මිල්ටන් මල්ලවාරච්චි නවලෝක මුදලාලිගේ දියණිය එක්ක පැටලුණ කතාව ගැන බිරිඳ කියන සංවේදී කතාව (VIDEO)

12658Views

 

ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චි මහතා තරුණ කාලයේ, ලංකාව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ නවලෝක මුදලාලිගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පැවත්වූ බවත්, ඒ නිසාම ඇය වෙනුවෙන් විවිධ ගීත ගායනා කළ බවත්, පසුව නවලෝක මුදලාලිට මෙය කන වැකී දියණියව ඔහුගෙන් ඉවත් කිරීම සඳහා ඇයව විදෙස් ගත කරවා පසුව වෛද්‍යවරයෙකුට විවාහ කර දුන් බවට පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබිණ.

කෙසේ වෙතත් මෙය කිසිවෙකුගේ ප්‍රබන්ධ කතාවක් බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහුගේ බිරිඳ ස්වර්ණ මල්ලවාරච්චි මහත්මිය මෙන්ම පුතු වන රනිල් මල්ලවාරච්චිද ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙම පුවත තවදුරටත් ප්‍රචාරය වුවහොත් අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මියගිය පුද්ගලයෙකුට මෙසේ කිරීම පිළිබඳ තමා දැඩි කණ්ගාටුවට පත්වන බවත් ස්වර්ණා මල්ලවාරච්චි මැතිණිය පවසා තිබුණි.

අදාළ කතාවට පාදක වී තිබුණේ 2015 වසරේ බ්ලෝග් අඩවියක පළවී තිබූ සටහනකි.නමුත් එය අන්තර්ජාල පරිශීලකයන් අතර කතා බහට ලක්වීමට පටන්ගෙන තිබුණේ මෑත කාලයේදීය.

ගායක රනිල් මල්ලවාරච්චි ෆේස්බුක්හි පළකර තිබූ සටහන

බිරිඳ ස්වර්ණා මල්ලවාරච්චි ෆේස්බුක් වෙත නිකුත් කර තිබූ වීඩියෝව
 

YOU MAY ALSO LIKE