Thursday, July 20, 2017
Hotline - 0770586666

අන්තර්ජාලය නිසා මානසික රෝගීන් වැඩිවෙයි! FB, Sex සහ Game මූලිකම හේතුවයි

2911Views

 

අන්තර්ජාලය වැඩි වශයෙන් භාවිතකරන පුද්ගලයන් අතර ඉතා සීග්‍රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය දත්ත අනුව පෙනී යනවා. පරිගණක ක්‍රීඩා, ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ මාධ්‍ය ජාල සහ වැඩිහිටි ලිංගිකමය වෙබ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද ඒ අනුව පෙනීයනවා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයට පැමිණ සිටි එක් පාසල් සිසුවෙකු විසින් සිය මාපියන් ඔහුගේ නිරන්තර පරිගණක භාවිතය සම්බන්ධයෙන් තහංචි පැනවීම නිසා උරනව එම මාපියන්ව නිවසේ කාමරයකට දමා සිරකර සිය පරිගණකය සමඟ කාලය ගත කිරීමට තරම් සැහැසි වී තිබුණ බවද වාර්තා විය. අප කළ සොය බැලිමකදී මෙම සායනය සඳහා පැමිණෙන තරුණ පිරිසෙන් බොහෝ අය අන්තර්ජාල ඇබ්බැහිය නිසා විවිධ මානසික ව්‍යාකූලතාවයන්ට පත් වූවන්ය. විශේෂයෙන්ම හීනෝමාදය නම් මානසික තත්වයට ගොදුරු වූවන් ඒ අතර බහුලය. එමෙන්ම මාපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් එල්ලවන තහංචි නිසා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ද වාර්තා වී ඇත.

ජංගම දුරකතනවලට අන්තර්ජාල පහසුකම් සපයා ඇති බැවින් පාසල් යන වයසේ සිසු සිසුවියන් ගේ සිට තරුණ ප්‍රජාවට නිරන්තරයෙන් අන්තර්ජාලය හා එක්වීමේ හැකියාව හා ඊට ඇති අසීමිත ඉඩකඩ නිසා පහසුවෙන්ම මීට ඇබ්බැහිවීම සිදුව තිබේ. මේ නිසා වෙනත් ක්‍රියාකාරකම් වලින් මානසිකවත් ශාරීරිකවත් ලැබිය හැකි ව්‍යායාමයන් නොලැබිම නිසා වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ ප්‍රවණතාවයද වැඩි වෙමින් තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. මේ හේතුවෙන් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවීමේ ඉඩ කඩ ඇහිරී ඇති බවත් බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනටමත් බරපාතල අර්බුදයක් ඇතිව තිබීමේ ගැටලුව තව දුරටත් උග්‍ර වනු ඇති බවද එම තොරතුරු මාර්ග පවසයි. 

මෙරට මානසික රොගී තත්වයට පත්වූවන් එකෙලොස් දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ප්‍රතිකාර සඳහා යොමුවන බවත් වාර්තාවන බවත් ඒ අතරින් වැඩිම පිරිස වයස අවුරුදු 17 ත් 49 ත් අතර පිරිස බවද වාර්තා වේ. එම පිරිස හාර දහසත් පන්දහසත් අතර ප්‍රමාණයකි. දෙවන වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 50ත් 69ත් අතරය. ඒ දෙදහසත් තුන් දහසත් අතර ප්‍රමාණයකි.

කොළඹ, කළුතර, ගාල්ල, ගම්පහ සහ කුරුණාගල දිස්ත්‍රික වලින් වැඩි වශයෙන් මේ රෝගීන් වාර්තා වී ඇත.

YOU MAY ALSO LIKE