Thursday, August 17, 2017
Hotline - 0770586666

90 වියැති මවක්  'අඩි 2000 ක්‌ උස' කඳු මුදුනක සිටි හැටි 

4003Views

 

ගම්පොළ පුපුරැස්‌ස රජ තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90 ක්‌ පමණ වයසක සයදරු මවක්‌ දින දෙකක්‌ පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්‌ස ගලේකන්ද නමැති අඩි 2000 ක්‌ පමණ උස කඳු මුදුනක සිටිය දී සොයාගෙන තිබෙනවා.

පඳුරු සහිත ඝන කැලෑවක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස්‌ මෙතරම් උස කඳු මුදුනකට මෙම වයසක මව ගියේ කෙසේ දැයි ගම්වාසීහු විමතිය පළ කරනවා.

මෙම මවගේ දූදරුවන් පස්‌දෙනකු විවාහ පත්ව රජතලාව ප්‍රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්‌තිය අඩු සිය බාල පුතු සමග මෙම මව නිවසේ සිට ඇති අතර දැනට දින දෙකකට පෙර මව නිවසින් අතුරුදන්ව තිබෙනවා.

ගම්වාසීන් හා දරුවන් එක්‌ව ප්‍රදේශයේ ඇළ, දොළ, ගංගා ඇතුළු ප්‍රදේශයේ සියලුම තැන්වල සොයා ඇති අතර තරුණයන් පිරිසක්‌ මෙම කඳු ප්‍රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

අවසානයේ තරුණයන් කණ්‌ඩායමක්‌ කන්ද නැගීමට තීරණය කොට පරීක්‍ෂාවෙන් ගමන් කිරීමේ දී අතරමග ඇඳ ඇතිරිල්ලක්‌ තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැග තිබෙනවා.

එවිට ඇය කඳු මුදුනේ ගලක්‌ මත වාඩිවී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇති බව වාර්තා වනවා.


රාත්‍රී දෙකක්‌ පුරා කිසිදු ආහාරයක්‌ හෝ ජලය නොමැතිව මෙම මව කඳු මුදුනේ ඝන කැලෑවේ සිට ඇති බව පැවසෙනවා.

YOU MAY ALSO LIKE