Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

"‌මේක ෆොටෝ ෂූට් එකක් විතරයි, අතුල එක තැනක - මන් තව තැනක, එකට ඉදන් පවුල් ජීවිතයක් ගෙනි යන්න ආසාවක් නෑ" අමායා අධිකාරි පවුල් ජීවිතය ගැන කියපු අමුතු කතාව .!

11935Views

ගායන ශිල්පි අතුල අධිකාරීගේ බිරිඳ අමායා අධිකාරී පිළිබදව පසුගිය කාළයේ විවිධ පුවත් මැවෙන්නට වුනා. ඒ ඔවුන්ගේ පවුල් ජීවිතය බිද වැටි ඇති බව කියමින් . කෙසේ වෙතත් පසුගිය දිනක අතුල  - අමායා පැවැත්වූ විවාහ මංගල්‍යයෝත්සවයක බව කියන අවස්තාවක ඡායාරූප ප්‍රසිද්ධ වුනා. තත්වය මෙසේ තිබියදි අමායා අධිකාරි පුවත්පතක් හා සංවාදයකට එක්වෙමින් විවාහ මංගල්‍යෝත්සවයේ ඡායාරූප එකතුව පිළිබද සහ වෙනත් තොරතුරු හෙළි කර තිබුනා.

එම සංවාදය පහතින්

අමායා-අතුල නැවත විවාහ වුණා කියන්නේ ඇත්තද?
අපි නැවත විවාහ වෙන්න ඩිවොස් වෙලා හිටියේ නෑ. මේක ෆොටෝ ෂූට් එකක්.

හදිසියේම විවාහ උත්සවයක් ගන්න හිතුණේ ඇයි?
මාව අන්දන කෙනාට ආසාවක් තිබුණා මාවයි අතුලවයි ඒ විදියට හැඩගන්වලා ෂූට් එකක් කරන්න. ඉතින් අපි කසාද බැන්දට විවාහ උත්සවයක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා අපිටත් ආසාවක් හිතුණා මේ දේ කරන්න.

අතුල කැමැති වුණාද?
ඔව්. මොකද එයා මීට කලින් නිලමේ ඇඳලා තිබුණේ නෑ. එයාගේ කැමැත්තකුත් තිබුණා නිලමේ අඳින්න. ඒ
නිසා එයත් මේ ෂූට් එකට කැමැති වුණා.

පහුගිය කා‍ලේ ඔබ දෙදෙනා විරසක වෙලා හිටියා. දැන් ඒ හිත් අමනාපකම් ඉවරද?
ඒ ගැන තීරණය කරන්නේ අපි දෙන්නා. විරසක වෙනවාද, ආපහු ඉන්නවද, ඩිවෝස් වෙනවද, වවාහ
වෙනවද තීරණය කරන්නේ අපි දෙන්නා. මිනිස්සු තමයි එය දේ ලොකුවට ගොසිප් එකක් විදියට හිතන්නේ. ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒ ගැන කතා නොකරන තරමට මම සතුටුයි.

අතුල තාමත් ඉන්නේ වෙනම ගෙදරකද?
එයා ඉන්නේ එයාගෙ ජොබ් එකේ. මම ඉන්නේ මගේ ජොබ් එකේ. මගේ අම්මා තමයි මගේ දුවව
බලාගන්නේ. කොළඹ ආවට මගේ දුවව තියන්න තැනක් නැහැ.
මොකද අම්මා විතරයි මම විශ්වාස කරන්නේ. කවදාවත් මම කොළඹ එන එකක් නැහැ. දුව ලොකු වුණාම
තීරණය වෙනස් වේවිද දන්නේ නැහැ. අතුල අයියගේ වැඩවලට එයා කොළඹ ඉන්න ඕන. එයා ඉස්සර
ඉඳන්ම එහෙමයි. හැමදාම මම එයාගෙ වැඩවලට උදව් කරනවා. අපි මුණගැහෙනවා. එකටම ඉඳගෙන
පවුල් ජීවිතේ ගෙනියන්න ඕන කියන ආසාව අපි දෙන්නටම නැහැ.
 

අමායා අතීතය ගැන පසුතැවෙනවද?
නැහැ. කවදාවත් මම අතීතය ගැන පසුතැවෙන කෙනෙක් ‍නෙවෙයි.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටක් තියෙන්නේ.

සමිතාගේ පවු‍ලේ අයගේ හිතවත්කම තාම තියෙනවද?
මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලගේ හිතවත්කම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ගොඩ කාලෙකින් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ. මම විෂබිජවලින් ඈත්වෙලා ඉන්නේ. මොකද ලෙඩ හැදෙනවා.

දුව කලාවට නැඹුරුයිද?
එයා ගායනයට, වාදනයට වගේම නර්තනයටත් දක්ෂයි. එයාට කැමැති දේ මම කරන්න දෙනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවගේද?
එහෙම ලොකු බලා‍පොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ‍නෙවෙයි මම.

 

 


 

YOU MAY ALSO LIKE