Tuesday, September 26, 2017
Hotline - 0770586666

රෝහිනග්‍යා සරණාගතයින්ට ලංකාවෙන් රැකවරණ ලැබුණාද? කටුනායක ගුවන්තොටින් ආවේ ඔවුන්ද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත විස්තරේ.. (PHOTOS)

28392Views

ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්ගේ ඉල්ලීම් සළකා බලා මුස්ලිම් සරණාගතයින් සුළු පිරිසකට දේශපාලන රැකවරණ ලබාදීමට ඉදිරිපත් වීම පිළිබඳව රජයට ප්‍රශංසාව පළකරමින්, ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති සංවිධානයක් කළ මාධ්‍ය නිවේදනයක් බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබේ.

මියන්මාරයේ ඇතිවූ ගැටුම් වලින් විපතට පත් මුස්ලිම් සරණාගතියන් පිරිසකට මෙසේ රැකවරණ ලබාදී ඇතැයි එම ලිපියේ සඳහන් වූ අතර කටුනායක ගුවන් තොටුපළින් පැමිණෙන මුස්ලිම් ජාතිකයන් පිරිසකගේ වීඩියෝවක්ද සමාජ ජාලා වෙබ් අඩවි තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් මුස්ලිම් සංසදය නැමැති මෙම සංවිධානය පළකළ මාධ්‍ය නිවේදනයේ තිබූ දුරකථන අංකයට සම්බන්ධ වීමට නෙත් ගොසිප් අප කිහිපවිටක් උත්සහ කළද එම උත්සහායන් අසාර්ථක විය.පසුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දේපාර්තුමෙන්තුවෙන් අප කළ විමසීමකදී ඔවුන්ද එවන් සංවිධානයක් පිළිබඳ කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළේය.

එමෙන්ම එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වූ නො 27, බාවා පෙදෙස, කොළම 08 යන ලිපිනයෙහි පෞද්ගලික නිවසක් පිහිටා ඇති අතර,මියන්මාර සරණාගතයින් පිරිසකට මෙරට දේශපාලන  රැකවරණ ලබාදුන්නේ යැයි කිසිදු නිළ නිවේදනයක් රජයෙන් මේ වනතෙක් නිකුත්ව නොමැත.




 

YOU MAY ALSO LIKE