Tuesday, September 26, 2017
Hotline - 0770586666

සුපිරි ශතකයකින් සංගා නැවතත් වැඩ අරඹයි (VIDEO)

7510Views

එංගලන්ත පළමුපෙල සිව්දින තරඟාවලියේදී තවත් ශතකයක් රැස්කිරීමට සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්ව තිබේ.ඒ ඔහු මෙවර තරඟාවලියේ ඉනිම් 12ක් තුළ රැස් කළ හත්වන ශතකයයි.

ඔහු එහිදී පන්දු 187ක් තුළ ලකුණු 164ක් රැස් කිරීමට සමත් විය.යොක්ෂයර් ප්‍රාන්ත කන්ඩායම සමග මේ වන විට පැවැත්වෙන තරඟයේදී සංගා මෙම ශතකය රැස් කළ අතර ඔහුගේ ඉනිම මනරම් හතරේ පහර 21කින් වර්ණවත් විය.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 592ක් රැස් කළඅතර පිළිතරු ඉනිම ක්‍රීඩා කරන යෝක්ෂයර් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 171 ලබා සිටී.

මෙවර තරඟාවලියෙන් පසු පළමු පෙළ ක්‍රිකට් වලින්ද සමුගැනීමට සංගක්කාර තීරණය කොට තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න..
 

 

 

YOU MAY ALSO LIKE