Monday, October 23, 2017
- nethgossip.lk@gmail.com

ඔබ අකැමති වීඩියෝවක් You tube එකෙන් හරි විදිහට රිපෝර්ට් කරන්නෙ මෙහෙමයි

7486Views

ඔබ අකැමති වීඩියෝවක් යූ ටියුබ් වෙත එකතු කර තිබෙනවානම් එය ඉවත් කරන ආකාරය පිලිබඳව ඔබ දැනුවත්ව සිටීම වැදගත්.කෙටි පියවර කිහිපයකින් එම වීඩියෝව ඉවත් කරන ලෙසට You tube වෙත දැනුම්දීමට ඔබට හැකියාව ලැබෙනවා.

1.මුලින්ම ඔබේ email ලිපිනයෙන් යූ ටියුබ් වෙත ලොග් වෙන්න.ඔබට රිපෝර්ට් කිරීමට අවශ්‍ය වීඩියෝව වෙත යන්න.එම වීඩියෝව එකතු කර තිබෙන චැනලය ඔබ subscribe කර තිබෙනවානම් ඒ මත ක්ලික් කොට එය unsubscribe කරන්න.

2. වීඩියෝවේ දකුණු පස යට ඇති තිත් 3 මත ක්ලික් කරන්න.

3.ඉන්පසුව එහි රිපෝර්ට් යන්න ක්ලික් කරන්න.

4.මෙම වීඩියෝව රිපෝර්ට් කිරීමට අවශ්‍ය හේතුව දක්වන්න.උදාරණයක් ලෙස මෙම වීඩියෝවෙන් යම් අයෙකුට අපහාසයක් වන පරිදි නිර්මාණය වූවක් නම් "Hateful or abusive content "  තෝරාගන්න.

5.ඔබට යම් අදහසක් එකතු කිරීමට තිබෙනවානම් එය මෙහි සඳහන් කරන්න.අවසානයේ පහතින් ඇති submit යන අයිකනය ක්ලික් කරන්න.(submit කරන්න )

 

YOU MAY ALSO LIKE