Friday, November 24, 2017
- nethgossip.lk@gmail.com

Selfie කලාවේ අලුත්ම වෙනසට ඔබ සූදානම්ද..? ලෝකයේම කතාබහට ලක්වුන සුපිරි තාක්ෂණයත් අරන් ලංකාවට ආපු ස්මාර්ට් වැඩකාරයා.

3349Views

ශ්‍රී ලාංකික ජංගම දුරකතන ක්ෂ්‍රේත්‍රයේ පෙරළිකාර අත්දැකීම් රැසක් පාරිභෝගික ජනතාවට තිළිණ කරන OPPO දුරකතන සමාගම Selfie කලාවේ පුරෝගාමියා ලෙසින්ද ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටිනවා. ඒ අනුව OPPO සමාගාමේ නවතම නිෂ්පාදනය වන OPPO F5 දුරකතනය පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. එසේම ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළඳපොළ  OPPO සමාගම ලබාගෙන ඇති සාර්ථකත්වය නිසාම 'Selfie Expert and Leader' ලෙස නව සන්නාම නාමයක්ද හඳුන්වා දුන්නා. එසේම ලෝකයේ දුරකතන වෙළඳපොල තුල රටවල් 28 ක තරුණ තරුණියන් මිලියන 200 කගේ පමණ හිත දිනාගත් විශිෂ්ඨ නිෂ්පාදන ආයතනයක් ලෙසින්  OPPO ප්‍රසිද්ධියට පත්වතිබෙනවා.

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන OPPO F5 දුරකතනය FHD සහ Full Screen සහිත එකම දුරකතනය වීම තවත් විශේෂත්වයක්. එසේම Selfie ඡායරූප ඉතා අලංකාර ලෙස සකස්කරන A.I. Beauty තාක්ෂණයද මෙම ජංගම දුරකතනයට ඇතුලත් කරතිබීම නිසා ඔබට ඉහල ගුණාත්ම භාවයකින් යුතු ඡායාරූප ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ස්මාර්ට් දුරකතන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් මෙරටට හඳුන්වා දුන් OPPO F5 දුරකතනය දැන් ඔබට දිවයින පුරා පිහිටි අලෙවිසැල් වලින් මිලදී ගන්න පුළුවන්. රුපියල් 47"990 ක වගේ මුදලකට මෙම ජංගම දුරකතනය  මිලදී ගන්න පුළුවන් වීම තවත් විශේෂත්වයක්.

එසේම මෙම ජංගම දුරකතනයේ  තවත් මාදිලි දෙකක් වන OPPO F5 6GB සහ F5 Youth දුරකතන එළඹෙන දෙසැම්බර් මාසයේ සිට වෙළඳපොලට එක්කරන්නටද කටයුතු සූදානම් කරනවා.

විශේෂයෙන්ම වසර ගණනාවක සිට කරන ලද සාර්ථක පර්යේෂන වලින් අනතරුව ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට Selfie කලාවට මෙම දුරකතනය  හරහා කෘතීම බුද්ධි තාක්ෂණය එක්කරන්නට OPPO සමාගම සමත්ව තිබෙනවා. එසේම ස්ථාන 200 කට අධික සංඛ්‍යාවකින් මුහුණේ හැඩතල සම්බන්ධව පරීක්ෂා කර ස්ත්‍රී පුරුෂ භාවය, වයස, සමේ පැහැය සහ ස්වභාවය වැනි බොහෝ දේ තීරණය කිරීමට OPPO F5 දුරකතනයට හැකියාව තිබෙනවා.

එසේම මුහුණේ හැඩතලය හඳුනා ගැනීමෙන් පසු A.I. Beauty Technology මගින් ඕනෑම අයෙකුගේ මුහුනේ සම, තොල්,ඇස් ආදියෙහි සුන්දරත්වය වර්ධනයකරීමේ හැකියාවෙන්ද OPPO F5 දුරකතනය බලගන්වා තිබෙනවා.

එසේම 20MP ඉදිරිපස කැමරාව සමඳ අධි සංවේදී F.20 කැමරා විවරයක් සහ 1$2'8˜ සෙන්සරයක් මෙම දුරකතනයේ පවතින නිසා ඉතා අඩු ආලෝක තත්වයකදී වුවද ඉහල ගුණාත්මක තත්වයකින් යුතු ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.එසේම ඉදිරිපස කැමරාවේ Portrait mode තුල පසුබිමට Bokeh Effect භාවිතා කර ඡායාරූපයේ ගුණාත්මක භාවය තවතවත් වර්ධනය කරන්නට හැකියාව ලැබෙනවා.

OPPO F5  දුරකතනයේ පසුපස කැමරාව 16MP සමන්විතවන අතර එයද දිවා රාත්‍රී කාලයේ ඉතා ඉහල ප්‍රමිතියේ ඡායාරූප ලබාගත හැකි ආකරයට නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම OPPO F5 දුරකතනය අඟල් 6 FHD+ Full screen සහිත ප්‍රථම දුරකතනයයි. දුරකතනයේ වීඩියෝ දර්ශන නැරඹීමේදී  එය විශාලනය කිරීමෙන් තොරව නැරඹිය හැකි වීම තවත් විශේෂත්වයක් වන අතර මෙහි 18(9 Aspect Ratio සහිත 2160 x 1080 dpi තිබීම ඔබ ගෙවන මුදලට ඉහල වටිනාකමක් එකතුකරනු ඇත.

බොහෝ දෙනා කැමති හුරුබුහුට පෙනුම මෙම දුරකතනයට ලබා දීමටද OPPO F5  දුරකතනය සමත් වී ඇත. සිහින් Unibody නිමාවෙන් නිෂ්පාදනය වුන මෙම දුරකතනය ඉතා පහසුවෙන් හැසිරවීමට හැකියාව ලැබෙනවා. මෙය දිගු වේලාවක් වීඩියෝ දර්ශන නරඹන අයට මෙන්ම දුරකතන ක්‍රීඩා කරන අයටද ඉතා හොඳ පහසුකමක් වනු ඇත. එසේම මෙම දුරකතනයේ මිලිමීටර් 0.4 ලේසර් රටාව මෙම දුරකතනයට තවත් අලංකාරයක් එකතු කරනවා.

මෙම දුරකතනයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද OPPO සමාගම හොඳින් කල්පනා කර තිබෙනවා.ඒ අනුව දුරකතන හිමිකරුගේ මුහුනේ අංග ලක්ෂණ හඳුනා ගනිමින් දුරකතනය Unlock කිරීමට Facial Unlock විශේෂාංගය ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම ඇඟිලි සළකුණු හඳුනාගැනීම සඳහා Fingerprint Reader තාක්ෂණයද මෙම දුරකතනයට ඇතුලත් කර තිබෙනවා. එයද දුරකතනයේ පිටුපස නිමවා ඇත්තේ ඉදිරිපස තිරයට කිසිඳු හානියක් සිදු නොවන අයුරින්.

එසේම බොහෝ දෙනා දුරකතනයක් මිලදී ගැනීමේදී දුරකතනයේ බැටරිය පිළිබඳව බොහෝ සැළකිළිමත් වෙනවා. මේ නිසාම OPPO F5  දුරකතනයේ බැටරිය 3200mAh ධාරිතාවයකින් සමන්විත වන අතර දුරකතනය තුල ක්‍රියාත්මක වන යෙදවුම් හසුරුවන Continuous Optimizing තාක්ෂණය තුලින් දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට දායකත්වය ලබා දෙනවා.

එසේම OPPO F5  දුරකතනයේ ඇතුලත් Color OS 3.2 මෙහෙයුම් පද්දතියත්, 4G RAM සහ 32GB ROM මතකයත් නිසා ඉතා කාර්‍යක්ෂමව දුරකතනයේ කටයුතු සිදුකරගන්නට අවස්ථාව සළස්වා දෙනවා.

මෙම දුරකතනය වීඩියෝ ක්‍රීඩා කරන අය වෙනුවෙන්ද ඉතා උසස් පහසුකම් රැසක් හඳුන්වා  දී තිබෙනවා.දුරකතන ඇමතුමක් ලැබෙන අවස්ථාවකදී පවා ඒ සඳහා කිසිඳු බාධාවක් නොවන අයුරින් එය දුරකතනයේ කොනක පෙන්වන ආකාරයට සැළසුම් කර තිබෙනවා.

විශේෂයෙන්ම සම්ප්‍රධායික Bluetooth තාක්ෂණයට එහා ගිය O-share තාක්ෂණය මගින් මෙම දුරකතනය බල ගන්වා තිබෙනවා. මේ තුලින් Bluetooth තාක්ෂණයට වඩා සිය ගුණයකින් OPPO දුරකතන අතර ගොනු හුවමාරු කරගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම මෙම දුරකතනයෙහි පවතින Split Screen තාක්ෂණය මගින් එකවර වැඩකටයුතු කිහිපයක් කරගැනීමේ හැකියාව ලැබෙනවා.

 

 

YOU MAY ALSO LIKE