Tuesday, October 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලංකාවේ පාරවල්වලට හරියටම හරියන සුපිරි ස්කූටර් එකේ සුපිරිම පහසුකම් මෙන්න.

4820Views

අද කාලේ පාර තොටේ බොහෝ ජනප්‍රිය වාහනයක් තමයි ස්කූටර් කියන්නේ. ස්වයංක්‍රීය ගියර් පද්ධතිය, ඕනෑ තැනකට පැදයාමේ පහසුව සහ ගමනේ සුවපහසුව, තරගකාරී මිල හේතු නිසාවෙන් ලංකාවේ ස්කූටර් භාවිතය බොහෝ සෙයින් ජනප්‍රිය වී තිබෙනවා. ඒ වගේම අද කාලයේ තරගකාරී ජීවන රටාව ඇතුලේ ගෘහණියන්ට පොදු ප්‍රවාහන සේවා වලින් හෝ ටැක්සි වලින් ඉටුකරගන්නා අවශ්‍යතාවයන්ට  වඩා ස්කූටරයකින් ගත හැකි ප්‍රයෝජන රාශියක් තිබෙනවා. මේ අවශ්‍යතාවය හොඳින් වටහාගත්ත හීරෝ මොටෝකෝප් සමාගම හීරෝ ප්ලෙෂර් ස්කූටරය නව පහසුකම් රැසක් සමගින් එලි දක්වා තිබෙනවා.

100CC එන්ජින් ධාරිතාවකින් යුතු මේ ස්කූටරය බොහොම ලස්සන පෙනුමින් යුතු වෙනවා. ඒවගේම ටියුබ්ලස් ටයර්, ඉන්ටර්ග්රේට් බ්රේක් සිස්ටම්, බූට් ලයිට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටරය නිසා භාවිතයද බොහොම පහසු වෙනවා.

අබාන්ස් සමාගම ගෙන්වා බෙදා හරින හීරෝ ප්ලෙෂර් ස්කූටර් එක අද කාලෙට වඩාත්ම ගැළපෙන වාහනය කියනන කරුණු පහක් පහතින් බලන්න පුළුවන්.

 

01. කාන්තාවන්ට වඩාත් ගැලපෙන ස්කූටරය

කාන්තාවන්ගෙ ඒදිනෙදා ජීවිතයෙදි ළඟින්ම ඉන්න ඕන මිතුරෙක් තමයි  හීරෝ ප්ලෙෂර් ස්කූටර් එක. මොකද අද කාලේ ගොඩක් කාන්තාවන කාර්ය බහුල වෙලා ඉන්නෙ. වෘත්තිමය වැඩ, ගෙදරදොර වැඩ,දරුවන්ගෙ වැඩ මේ දේවල් බොහොම පහසුවෙන් කරගන්න හීරෝ ප්ලෙෂර් ස්කූටරය ඔයාට ගොඩක් උදව් කරනවා. මොකද හීරෝ ප්ලෙෂර් ස්කූටර නිෂ්පාදනය කරලා තියෙන්නෙ ඔයාගෙ අවශ්‍යතා හරියටම අඳුනගෙන. ඒ නිසා උදේට රැකියාවට යද්දි බොහොම සැහැල්ලුවෙන් ඔයාට යන්න පුළුවන්. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ බස් එකක එහෙම ගියොත් ඔයාට විඳින්න වෙන කරදර ගැන.

ඒ වගේම තමයි ඔයා ගොඩක්ම බලාපොරොත්තුවෙන ආරක්ෂාව. හීරෝ ප්ලෙෂර් ස්කූටරය නිෂ්පාදනය කිරීමේදී ඒ ගැනත් හොඳින්ම හිතලා තියෙනවා. විශේෂයෙන්ම ඔයාගෙ දරුවන්ට උනත් ස්තූටර් එකේ ඉස්සරහා නැඟිටලා යන්න පුළුවන් වගේම පිටුපස අසුන බොහොම සුවපහසු නිසා බොහොම ආරක්ෂිතව දරුවන් පාසල් එක්ක යන්න, පන්ති එක්ක යන්න ඔයාට පුළුවන්.

 

02. ලංකාවේ පාරවල්වලට හරියටම හරියන ස්කූටරය

මේ දවස්වල පාරවල්වල තියෙන ට්‍රැෆික් එක ගැන ඔයා හොඳටම දන්නවනෙ. පැය ගණන් පාරෙ හිරවෙලා ඔයාගෙ කාලයත් නාස්තිකරගෙන, තෙලුත් පුච්චගෙන ලොකු නාස්තියක් කරනවා. ඉතිං ඒ ගැන හිතපු ගොඩක් දෙනාට දැන් හීරෝ ප්ලෙෂර් ස්කූටරය කියලා කියන්නෙ නැතිවම බැරි වාහනයක්. ඒ වගේම තමයි අපේ ගම්මානවල තියෙන රළු බොරළු පාරවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඒ හින්දා ගමට නගරයට දෙකට හොඳටම ගැලපෙන සුපිරිම ස්කූටරයක් කියලා හීරෝ ප්ලෙෂර් ස්කූටරය හඳුන්වා දෙන්න පුළුවන්.

03. ඕන  දෙයක් අරන් යන්න - ස්කූටර් අතර වැඩිම ඉඩ

වාහනයක් වුනාම අපිට යන්න විතරක් තිබුනට මදි. අපිට එහෙට මෙහෙට ගෙනියන්න ඕන දේවල් කිසිම අපහසුතාවයකින් තොරව අරගෙන යන්නත් පහසුකම් තියෙන්න ඕන. ඔයාලා දැකලා ඇතිනෙ සාමාන්‍ය බයික් එකක යන කෙනෙක් බයික් එකෙන් බැහැලා කොහාට හරි යනවනම් හෙල්මන්ට් එක එක අතකින් අරගෙන,තව මොනවා හරි තියෙනවනම් ඒවා තවත් අතකින් අරගෙන, ඒක හරි කරදරයක් කියලා දකින ඕනම කෙනෙක්ට පේනවා. ඒත් හීරෝ ප්ලෙෂර් ස්කූටරයක් තියෙන කෙනෙක්ටනම් ඒ කිසිම කරදරයක් නෑ. හරියට කාර් එකකින් ගියා වගේ. මොකද හීරෝ ඩෑෂ් බූට් එක ඇතුලෙ ඔයාට ඕන තරම් බඩු ගෙනියන්න පුළුවන්.

 විශේෂයෙන්ම වැඩට ගියාම, එහෙම නැත්තම් කොහේහරි ගමනක් ගියාම හෙල්මන්ට් එක වගේ දේවල්ටික දාලා ලොක්කරලා යන්න පුළුවන් නිසා ඔයාට බොහොම සැහැල්ලුවෙන් ඔයාගෙ වැඩකටයුතු කරගන්න පුළුවන්.

 

04. ෆෝන් එකේ බැටරිය ගැනත් හීරෝ ප්ලෙෂර් බලාගනීවි.

ජංගම දුරකතනය කියන්නෙ දැන් අපිට නැතිවම බැරිදෙයක්. ඒ වගේම දැන් නිරන්තරයෙන්ම අපේ ජංගම දුරකතනය භාවිතා වෙන නිසා බැටරියනම් ඉක්මනටම බහිනවා. මේකට විසඳුමක් විදියට ගොඩක් දෙනා පවර් බෑන්ක් එක විසඳුමක් කරගත්තත් හීරෝ ප්ලෙෂර් ස්කූටරයක් තියෙනවනම් ඒ ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. මොකද ස්කූටියෙ ඩෑෂ් බෝඩ් එකේ තියෙන චාර්ජින් ස්ලොට් එක නිසා ඔයාට ඕන වෙලාවක ඔයාගෙ ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්.

 

05. ගමනට උපරිම ආරක්ෂාව

හැමදේකටම වඩා අපිට වටින්නෙ අපේ ආරක්ෂාවනෙ. ඒ හින්දා හීරෝ ප්ලෙෂර් ස්කූටරය ඔබේ ආරක්ෂාව සහතික කරන්න ඉන්ටිගේ‍්‍රටඞ් බ්‍රේකින් සිස්ටම් ඕනම හදිසි අවස්ථාවක ඉක්මනින්ම නවත්තගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනාට සිදුවෙන අමතක වීමක් තමයි side stand එක ගහලා තියෙද්දි ස්කූටිය පදවන එක. නමුත් හීරෝ ප්ලෙෂර් ස්කූටරයෙ තියන side stand  indicator තාක්ෂණය නිසා stand එක ගහලා ස්කූටරය පැදගෙන ගියත් ඒ ගැන ඔබට මතක් කරලා දෙනවා. ඒ වගේම හීරෝ ප්ලෙෂර් ස්කූටරයෙ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දැල්වෙලාම තියෙන නිසා විශේෂයෙන්ම දහවල් කාලයේ සිදුවන අනතුරු වලින් ඔබව ආරක්ෂා කරගන්නට සමත් වෙනවා.

 

06. හැඩට වැඩට ගමන් යන්න

හැමදෙනාම කැමති තමන්ට බොහොම ලස්සන වාහනයක් තියෙනවනම්. ඒ නිසා වැඩ වගේම හැඩ ගැනත් හොඳින්ම හිතලා තමයි හීරෝ ප්ලෙෂර් ස්කූටරය ඔයාගෙ ලඟට එන්නෙ. ඒ නිසා ඔයාට වර්ණ ගණනාවතින්ම හීරෝ ප්ලෙෂර් ස්කූටරය මිලදී ගන්න පුළුවන්.

07. වසර පහක වගකීම - අලෙවියෙන් පසු ඉහල සේවාව

හීරෝ ප්ලෙෂර් ස්කූටරය කියලා කියන්නෙ බොහොම විශ්වාසයෙන් යුතුව ඔයාට මිලදී ගන්න පුළුවන් නිෂ්පාදනයක්. මොකද ඔයා මිලදීගන්න ස්කූටරයට අවුරුදු 05 ක්ම වගකියන නිසා ඒ විශ්වාසය තවත් තහවුරු වෙනවා. ඒ වගේම දිවයින පුරාම අළෙවි නියෝජිතයන් ඉන්න නිසා ඉතා ඉහල කාර්‍යක්ෂම සේවාවක් ලබා ගන්න පුළුවන්. ඉතිං අද කාලෙට හොඳින්ම ගැලපෙන හීරෝ ප්ලෙෂර් ස්කූටරය පහසුගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුළුවන් නිසා අදම ඔයාටත් හීරෝ ප්ලෙෂර් ස්කූටරයක හිමිකරුවෙක් වෙන්න පුළුවන්.

 

 

YOU MAY ALSO LIKE