Tuesday, April 24, 2018
- 0770586666

" බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැන දැනත් සමහරු අයුතු යෝජනා කරනවා " ක්ෂේත්‍රයේ වෙන අමුතු වැඩක් ඉමායා හෙළිකරයි .!

4303Views

නිරූපණ ශිල්පිණියක් ලෙස කලා දිවිය ඇරඹූ ඉමායා ලියනගේ දැන් රංගන ශිල්පිණියක් ලෙසද රසිකයන්ට සමීප වී අවසන් ය. පසුගිය දිනක පුවත්පතක් සමග සංවාදයකට එක්වන ඉමායා , සිය පෞද්ගලික තොරතුරු සහ කලා තොරතුරු රසිකයන් සමග බෙදාහදා ගෙන තිබුනා. එම සංවාදය පහතින්


ඉමායා මේ දවස්වල මොනවද ඔබේ වැඩකටයුතු?

නාට්‍යයක රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.  අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ජනවාරි මාසයේ මැද සතියේ පටන් ගන්න නියමිතයි. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදියට වැඩකටයුතු කරනවා.

පසුගිය කාලයේ ඔබ විශේෂ කටයුත්තකට විදේශ ගතවුණා. ඒ ගැන සඳහන් කළොත්?

මම ඉතාලියට තමයි පසුගිය කාලයේ ගියේ. 

ඉමායා දකින්න ලැබෙන්නේ සීමිත නිර්මාණ ප්‍රමාණයක. ඉමායාට වැඩ ගොඩක පෙනී සිටීමේ වුවමනාවක් නැද්ද?

නැහැ. මම වැඩ ගොඩක් බදාගෙන කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම ගෙදරට වෙලා ඉන්න තමයි ගොඩක් කැමැති. 

ඔබ දැන් පෙම්වතියක්නේ?

ඔව්. මම පෙම්වතියක්.

හිටි හැටියේ පෙම්වතා ගැන සමාජ මාධ්‍යවලින් එළිපිට කතාකරන්නේ පෙම්වතා බල කරන නිසාද නැත්නම් වෙනත් අයගෙ ප්‍රේමාරාධනාවලින් මිදෙන්නද?

කොහෙත්ම එහෙම දෙයක් නෑ. මගේ පෙම්වතා කිසිම බලපෑමක් කරන්නෙ නෑ අපේ ආදරය ගැන හැමෝටම කියන්න කියලා. මගේ ආදරය පටන් ගත්තේ සාමාන්‍ය පෙළ කරන කාලෙදි. දීර්ඝකාලීන සම්බන්ධයක් මේක.

විවාහ වෙලා කියන්න පෙම්වතියක් කියලා කියන්න සමහරු පැකිළෙනවා. ඉමායා එහෙම නැද්ද?

සමහරු හිතනවා තමන්ගෙ පෙම්වතා ගැන කීවොත් ජනප්‍රියත්වය අඩුවෙයි කියලා. හැබැයි මම එහෙම හිතන කෙනෙක් නෙවෙයි. ඕනෑම මාධ්‍යයකට මම මගේ ආදරය ගැන කියනවා. අවංකව ආදරය කරනවා නම් හංගන්න වුවමනාවක් නෑ. මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ආදරය කරන්න ඕන අපේ චරිත නිරූපණවලට මිසක් අපේ පෞද්ගලික ජීවිතේට නෙවෙයි.

වෙනත් තරුණයන්ගෙන්, ක්ෂේත්‍රයේ අයගෙන් ඔබට ප්‍රේමාරාධනා ලැබෙනවද?

ඔව්. මම මිස් ශ්‍රී ලංකා වුණු මුල්කාලයේ ඉඳලම ඒ වගේ ඉල්ලීම් ආවා. සුහදශීලව මම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. මට පෙම්වතෙක් ඉන්න බව දැන දැනත් සමහරු ඒ වගේ යෝජනා ගේනවා.

මොනවද ඉදිරි සැලසුම්?

රංගන ක්ෂේත්‍රයෙන් මම හොඳම නිළිය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් කරන්නත්, විවාහ වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

 

 

 සංවාදය : කුමුදිකා ඩී. සපුතන්ත්‍රි / මවුබිම

YOU MAY ALSO LIKE