Wednesday, July 18, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඇඟ පෙන්නාගෙන අධ්‍යක්‍ෂවරුන් එක්‌ක කාමරේට යන නවක නිලියන්ට තමයි මේ කලාවේ අද තැනක්‌ ලැබිලා තියෙන්නේ" රසාංගිකාගෙන් අධ්‍යක්ෂකවරුන් ගැන ආන්දෝලනාත්මක කතාවක් .!

4505Views

 

පුංචි තිරයෙන් මෙන්ම රීදි තීරයෙන්ද රසිකයන්ට සමීප වුනු ඇය රසාංගිකා අබේරත්න, පසුගිය දිනක පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් රසාංගිකා , සිය කලා දිවියේ තොරතුරු හෙළි කාර තිබුනා. 
එම සංවාදය පහතින්
 

 

මුලින්ම පාසල් කාලය ගැන කිව්වොත්? 
 
 "මම ඉගෙන ගත්තේ පිළිමතලාව මහා විද්‍යාලයේ. පාසලේ වේදිකා නාට්‍යවලට මාව නැතුවම බැරි කෙනෙක්‌ වුණා. අපේ ඉස්‌කෝලෙ අයියලා, අක්‌කලා මට හුඟක්‌ උදව් කළා. මේ තුළින් මා දිරිමත් වුණා. ඒවගේම පාසලේ එදා හිටපු සිංහල ගුරුතුමිය වන උපමාලිකා ගුරුතුමියත් මට සෑහෙන උදව් කළා. ඒ වගේම තරංගනී රණවීර සොයුරියගෙන්ද විශාල දිරිගැන්වීමක්‌ සිදු වුණා. මේවා තමයි මගේ කලා ගමනට රුකුලක්‌ වුණේ.
 
 පාසල් අධ්‍යාපනයෙන් පසු මොනවද කළේ? 

පාසල් අධ්‍යාපනය නිම කළාට පස්‌සේ මා පේරාදෙණිය ගැටඹේ කලායතනයට ගියා නැටුම් හදාරන්න. එහිදී මම උඩරට, භරත නැටුම් ගැන හැදෑරුවා. නැටුම් අංශයෙන් මට ඉදිරියට එන්න ගුරුහරුකම් ලබාදුන්නු කඩුගන්නාවේ රෝෂිණි ගුරුතුමියවත් මා මතක්‌ කරන්න මෙය අවස්‌ථාවක්‌ කරගන්නවා."
 
 ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගැන කිව්වොත්?
 
 ඉතිං ඊට පස්‌සේ" ටෙලි නාට්‍යයේ හෙදියකගේ චරිතයක්‌ රඟපෑවා. ඒ චරිතයට හොඳ ප්‍රතිචාරයක්‌ ලැබුණා. ඉන් අනතුරුව "සිරිවාසල" කියන නාට්‍යයේ "මුතූ" කියන චරිතය රඟපෑවා. "සවීණා" කියන ටෙලි නාට්‍යයේත් රඟපෑවා. ඒ වගේම දැන් හාස්‍යජනක නාට්‍යයකත් විවිධ චරිත රඟපාමින් මගේ කලා කුසලතාවන් රසිකයන් හමුවේ දිග අරිනවා. 
 
 ඔබ රඟපෑ චිත්‍රපට මොනවාද? 
 

 "කුස පබා" "පුංචි අපිත් බය නෑ." "සඳළු තලේ කුමාරියෝ" වැනි චිත්‍රපටවල රඟපෑවා."
 
 ඔබ ටෙලි නාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක රූගත කිරීමකට ගියාම අධ්‍යක්‍ෂවරුන්ගේ බලපෑම් එල්ල වෙන්නේ නැද්ද? 
 
 ඒක හොඳ ප්‍රශ්නයක්‌. ඇත්ත වශයෙන්ම සමහරක්‌ අධ්‍යක්‍ෂවරුන්ගෙන් මටත් බලපෑම් එල්ල වෙලා තියෙනවා. සමහර අය චරිතය දීර්ඝ කාලීනව කරන්න ඔය සමහරක්‌ අධ්‍යක්‍ෂවරුන් අයුතු යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මම ඒවා ප්‍රතික්‍ෂේප කළ නිසා ඒ අය චරිතයෙන් ඉවත් කරලා තියෙනවා. මේක මට විතරක්‌ නොවෙයි මේ ක්‍ෂේත්‍රයට එන නවක නිළියන්ටත් තියෙන ප්‍රශ්නයක්‌. මේවා අපි කාටද කියන්නේ. මේ කීප දෙනකු කරන ජරා වැඩ නිසා මේ කලාවත් විනාශ වෙලා තියෙන්නේ. අධ්‍යක්‍ෂවරුන්ගේ බලපෑම්වලට අවනත නොවුණාම අර හැකියාවන් තියෙන නිලියන්ගේ කලා ගමන ඇන හිටිනවා. මේකයි ඇත්ත. හොඳට ඇඟ පෙන්නාගෙන අධ්‍යක්‍ෂවරුන් එක්‌ක කාමරේට යන නවක නිලියන්ට තමයි මේ කලාවේ අද තැනක්‌ ලැබිලා තියෙන්නේ. මේ සත්තු වගේ හැසිරෙන අධ්‍යක්‍ෂවරුන් මේ සමාජයෙන් ප්‍රතික්‍ෂේප කළ යුතුයි. අධ්‍යක්‍ෂවරුන් හොඳ අයත් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා."

 


 

  සංවාදය :  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

171
2018-07-18

INAMI

102
2018-07-18

Rashmi Madushika

129
2018-07-18

Nuwandika Siriwardena

2014
2018-07-17