Wednesday, July 18, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රටවල් 20ක්, ප්‍රදර්ශණ කුටි 200ක්.. ‘ඔබේ සිහින හඹා යන්න‘ - ලංකාවේ විශාලතම අධ්‍යාපන ප‍්‍රදර්ශනය සහ රැකියා පොළ ‘EDEX Expo‘ 2018 ..!

913Views

EDEX Expo කියන්නේ ගොඩක් දෙනා අහලා පුරුදු නමක්. 2004 වර්ෂයේ ආරම්භ වුණු EDEX Expo පාසල් වෘත්තීය පොළක සිට අන්තර්ජාතික ප‍්‍රමුඛයෙකු දක්වා තරගකාරීව මුහුණදෙමින්, තම ඉලක්කයන් සාක්ෂාත් කරගනිමින්, ශ‍්‍රී ලාංකීක තාරුණ්‍යය බලගැන්වීමට විශාල මෙහෙමයක් සිදුකරමින් සිටිනවා.

ලංකාවේ විශාලතම අධ්‍යාපන ප‍්‍රදර්ශනය සහ රැකියා පොළ වන EDEX Expo 15 වන වරටත් 2018  ජනවාරි මස 19 - 21 කොළඹ BMICH හිදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර තිබෙනවා.

200 කට වැඩි අධ්‍යාපන ප‍්‍රදර්ශන කුටි වගේම දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල සහ ආයතන රටවල් 20 කට වැඩි ප‍්‍රමාණයක් සම්බන්ධ වී සිටින EDEX Expo 2018 ප්‍රදර්ශනයේ සමාරාම්භක කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියිමිතයි.

එමෙන්ම EDEX Expo හි වටිනාකම තවදුරටත් ඉස්මතු කරමින් එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,රුසියාව,චීනය,සිංගප්පූරුව හා තුර්කි විශ්වවිද්‍යාලයන්හි සෘජු හෝ දේශීය නියෝජිතයන් සහභාගී වනු ඇතියි.

අගමැති  කාර්යාලය අධ්‍යාපන අමාත්‍යංශය, උසස්අධ්‍යාපන හා මහාමාර්ග  අමාත්‍යංශය,  කුසලතා  සංවර්ධය  හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය,කම්කරු,වෘත්තීය සමිති  සබඳතා  සහ සබරගමු  සංවර්ධන  අමාත්‍යංශය, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යංශය සහ අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) යනාදියද EDEX Expo සමග සමග සමබන්ධ වී ඇති අතර තාරුණ්‍යයට ඉටුකරන වටිනා මෙහෙවර ඔවුන්ගේද පැසීසමට ලක්ව තිබෙනවා.

මෙවර ප්‍රදර්ශණයේදී තාරුණ්‍යයෙහි උද්‍යෝගය වර්ධනය කිරීම සඳහා දින තුනෙහිම සවස 3.00 සිට 6.00 දක්වා විවිධ වූ විනෝදාත්මක ක‍්‍රියාකාරකම්ද, සාර්ථකත්වය ලැබූවන් පිළිබඳව හා ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගන්නා වැඩසටහන්ද  පවත්වන බව එහි සංවිදානකයින් පවසනවා.

රැකියා සොයන්නන්ට තම අයදුම්පත් edexcareers.lk වෙත ඇතුලත් කිරීම සඳහා මෙහිදී අවස්ථාව ලබාදී තිබෙන අතරම ප්‍රදර්ශණයට ආවොතින් ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශක සංගමයේ මූලිකත්වයෙන් පවත්වනු ලබන මනෝමිතික පරීක්ෂණයට සහභාගී වෙලා තරුණ තරුණියන්ට නිවැරදි වෘත්තීය මාර්ග විවර කර ගැනීම අවස්ථාවත් තිබෙනවා.

EDEX Expo 2018 සඳහා www.edex.lk ඔස්සේ නොමිලේ ලියාපදිංචි විය හැක.. වැඩි විස්තර සඳහා EDEX කාර්යාලය අමතන්න.

දුරකථන - 0768204975 / 5521497 / 3091086 ඊමේල් - sales@edex.lk,ops@edex.lk

GALLERY

Narmadha Yapa Abewardena

165
2018-07-18

INAMI

100
2018-07-18

Rashmi Madushika

126
2018-07-18

Nuwandika Siriwardena

2013
2018-07-17