Wednesday, July 18, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" ඇයි පොලීසියට පැමිණිල්ල දාන්න පරක්කු වුණේ " වික්ටර්ගේ තරුණ බිරිඳගේ බැංකු වංචාවෙන් රත්තරන් බඩු අහිමි වූ මිනිසුන් සාධාරණය ඉල්ලයි .!

4082Views

 

ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ හසිනි රත්නායක විසින් සිදු කළා යැයි පැවසෙන බැංකු වංචාවක් පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළෙමු. තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක 2016 වසර වනවිට උකස් අංශය භාරව සිටි හසිනි රත්නායක උකස් කරන ලද රන් භාණ්ඩ වෙනුවට වෙනත් රන් බඩු දමා මෙම වංචාව සිදු කර තිබෙන බව සදහන්. මෙම රන් භාණ්ඩ වංචාව නිසා සිය රන් භාන්ඩ අහිමි වූ  තංගල්ල , පොළොම්මාරුව ප්‍රදේශයේ පදිංචි නුවන් චතුරංග සිදුවීම මාධ්‍යයට විස්තර කර තිබුනෙ


" මගේ අම්මගේ රත්රන් බඩු ටික තමයි මේ නැති වෙලා තියෙන්නේ. තංගල්ලේ බැංකුවේ තියපු ඒවා. අම්මා මුලින්ම 2011 අගෝස්තු මාසේ දෙවැනිදා රත්රන් බඩු ටික බැංකුවට තියලා රුපියල් හය ලක්ෂ අසූදාහක් අරන් තිබුණා. ඊට පස්සේ දිගටම ඒවට පොලී ගෙවාගෙන ගිහිල්ලා වරින් වර අලුත් කරලා බැංකුවෙන් මුදල් ලබාගත්තා. අවසානයේදී ඒවට මුදල් ගෙවාගෙන ගියේ අපේ නංගි කෙනෙක් හා අපේ නැන්දා කෙනෙක් වෙන කෙනෙක්. අවසානයට බැංකුවට පොලී ගෙවීමක් කරලා තිබෙනවා 2015 මැයි මාසේ 12. එතැනින් එහාට බැංකුවෙන් මුදල් භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. අවසානයේදී බැංකුවෙන් කියලා තිබුණා අයිතිකාරයා විදේශගත වෙලා ඉන්න නිසා එයා ආවට පස්සේ එයාම ඇවිල්ලා මේ ටික බේරගන්න කල් මෙතනින් එහාට පොලීවත් මුදල්වත් ගෙවන්න ඕන නෑ කියලා. බඩු ටික ආරක්ෂිතව තියෙනවා කියලා කිව්වා.

ටික කාලයකට පස්සේ අපිට බැංකුවෙන් ලියුමක් ආවා බඩු ටික වෙන්දේසි කරනවා කියලා. අපි ඒ වෙලාවේ බැංකුවේ මැනේජර් මහත්තයා හම්බවෙන්න ගියා. ඒ මහත්තයා අපට කිව්වා මේක මේ සිස්ටම් එකෙන් එන ලියුමක්. ඒක ගණන් ගන්න එපා. ඔයාලගේ බඩු වෙන්දේසි කරන්නේ නෑ. ඒක අම්ම ආවට පස්සේ අම්මට ඇවිත් බේරගන්න පුළුවන්. එතකල් මෙහෙම ඉන්න කියලා.

2016 මාර්තු මාසේ 16 අම්මගේ නමට ලියුමක් ඇවිත් තිබුණා. මෙම උකස් භාණ්ඩවල ගැටලුවක් තියෙනවා. ඒ නිසා මැනේජර් මහත්තයා හම්බවෙන්න කියලා. පස්සේ අපි මැනේජර් මහත්තයට දැනුම් දුන්නා අම්ම එන්නේ මැයි මාසේ කියලා. අම්මා මැයි මාසේ 16 ආවේ. අම්මා 26 හෝ 27 වගේ දවසක බැංකුවට ගියා. ඒ ගියාට පස්සෙයි අම්මට දැනගන්න ලැබිලා තියෙන්නේ මේ රත්රන් බඩු ටික අස්ථානගත වෙලා කියලා. බොහොම බැගෑපත් වෙලා බැංකුවේ මැනේජර් කියලා තිබුණා රත්රන් බඩු නැතිවුණාම තියෙන වේදනාව දන්නවා අපි. මේකට අපි සාධාරණයක් කරනවා. ඒ නිසා ටිකක් ඉවසලා ඉන්න කියලා. අම්ම මේ ගැන මට කිව්වට පස්සේ මං කිව්වේ මේ ගැන පැමිණිල්ලක් දාමු කියලා. නමුත් මැනේජර් මහත්තයා මේකට සාධාරණයක් ඉටු කරනවා කියලා කියපු නිසා අම්මත් පැමිණිල්ලක් දාන්න කැමති වුණේ නැහැ.

අම්මා ආයේ බැංකුවට දෙතුන් වතාවක් ගියාම එයාල කියලා තිබුණා එයාලට සාධාරණ ගාණක් කියන්න කියලා. එතෙන්දි එයා එහෙම කියන්න හේතුවත් කිව්වා. එයා කිව්වා බැංකුවෙන් අපිට සල්ලි හම්බවෙන්නේ නෑ මේකට ගෙවන්න. මෙතන වැඩ කරන අයගේ තමයි මේකේ වගකීම. වැඩ කරන අය තමයි මේකට සල්ලි ගෙවන්න ඕන කියල. ඒ නිසා ඒ අයත් ගැන හිතල මොනව හරි කරන්න කිව්වා.

එහෙම කතා කරද්දී එයා කොහොමහරි අම්මගෙන් දැනගත්ත අම්ම ආයේ රට යන දවස, ඒ දැනගත්තට පස්සේ මෙයා ඒ දවස වෙනකල්ම මේ ප්‍රශ්නේ ඇද්දා. සල්ලි දෙන්නම් කිය කියා ප්‍රශ්නේ ඇද්දා. අම්ම රට යන දවසට කලින් දවසේ ගිහින් ඇහුවම එයාට තීරණයක් ගන්න බැහැ.

ආර්එම් මහත්තයට තමයි තීරණයක් ගන්න පුළුවන් කියල කිව්වම අපි ඒ වෙලාවේ තීරණය කළා නඩු මාර්ගයකට යන්න. පස්සේ අම්ම ආයේ රට ගියා. ආර්එම් මහත්තය කතා කරල කිව්ව මේකේ පරීක්ෂණ කටයුතු අවසන් නැති නිසා දෙන්න පුළුවන් නියමිත ගාණක් කියන්න බැහැ කියල. ඉවර වුණාට පස්සේ දෙන්නම් කිව්වා.

අම්ම රට ගියාට පස්සේ රත්රන් බඩු ටික ඇටෝර්නි බලපත්‍රයක් මඟින් මට බලය පැවරුවා. එදා ඉඳලා මේ ඊයේ පෙරේදා වෙනකල්ම අපි නඩුවට ලෑස්ති වුණා. නඩුවට දින දාලා තියෙන්නෙත් මාර්තු මාසේ විසිහත. ඒ අතරතුර තමයි ඔය කෙනාව පොලිසියට ගෙන්වලා අත්අඩංගුවට ගත්ත කියලා ආරංචි වුණේ.

අපිට බැංකුවෙන් සාධාරණයක් වෙයි කියලා මුලින් ටික කාලයක් පැමිණිල්ලක් නොදා හිටියා. ඔතන වැඩ කරපු පැන්ෂන් යන්න හිටිය අය බය වෙලා හිටියා. මොකද එයාලගේ පැන්ෂන් එක හෝ ලැබෙන දීමනා නවත්වයි කියලා. අපිත් බැංකුවෙන් සාධාරණයක් ඉටු වෙයි කියලයි හිටියේ. නමුත් සාධාරණයක් ඉටු වුණේ නෑ. රත්රන් බඩු නැති වෙලා තියෙන්නේ මොන අවුරුද්දෙද කියන්න අපි දන්නෙ නෑ. මේකට වගකිවයුතු පිරිසක් ඉන්නවා කියල මට හිතෙනවා. මට තියෙන සැකය මේකයි. මැනේජර් මහත්තය පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ 2016 මැයි මාසේ, අපේ අම්ම ආවට පස්සේ අම්ම ආව බව දැනගෙන තමයි මේ පැමිණිල්ල දාලා තියෙන්නේ. මේකේ වංචාවක් වෙලා තියෙනවා කියලා කලින් අපිට දැනුම්දුන්නා නම් මෙයා මේ පැමිණිල්ල මීට කලින් දාන්න එපැයි " යනුවෙනි.

 


 

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

157
2018-07-18

INAMI

100
2018-07-18

Rashmi Madushika

125
2018-07-18

Nuwandika Siriwardena

2012
2018-07-17