Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පන්ති ඇරලා ගෙදර ගිය තරුණිය බලහත්කාරයෙන් වාහනේට දාගෙන බඳින්න ගෙනිහින්" බය නැතුව තරුණියන් පැහැර ගත්තේ බලවතෙක්ද ?

3188Views

තරුණියක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ඇයව විවාහ කර ගැනීමට රැගෙන ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ මාතර ප්‍රදේශයෙන්.  

මාතර පිහිටි යතුරුලියන උපකාරක පන්තියකට සහභාගි වීමට පසුගිය 11 දින උදේ පාගමනින් යමින් සිටි 23 හැවිරිදි තරුණියක්‌ මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා. මාතර කුමාරතුංග මාවතේදී කැබ් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් ඇයව කැබ් රථයට නංවා ගෙන ඇය හා විවාහ වීමට අවශ්‍ය බවට පවසා රැගෙන ගොස් තිබෙනවා.
 
කැබ් රථයේ සැකකරු සමඟ තවත් දෙදෙනෙක්‌ සිට ඇති බවත් කුමාරතුංග මාවතේදී ඇගේ අකැමැත්ත පිට ඇය රථයට නංවා ගෙන සැකකරු ඇයට විවාහ වීමට බල කර තිබේ. එහිදී තමා විවාහ වී සිටින බවට ඇය සැකකරුට පවසා ඇති බවත් එම පැවසීම ගණනකට නොගත් සැකකරු ඇගේ හැඳුනුම්පත රැගෙන එන ලෙසට සැකකරුගේ සහෝදරියක්‌ සමඟ යන ලෙසට දන්වා තිබේ. පසුව ඇය සැකකරුගේ සහෝදරියට පවසා ඇත්තේ තමා විවාහක බවත් විවාහ වීමට අකැමැති බවත්ය.
 
පසුව සහෝදරිය විසින් ඇය මාතර බස්‌ නැවතුම්පළට ගෙන ගොස්‌ තරුණියගේ මවට භාරදී තිබේ. මෙම තරුණිය පැහැර ගෙන යැම සම්බන්ධ සිද්ධිය ඇගේ යෙහෙළියක්‌ විසින් ඇගේ මවට දුරකථනයෙන් දන්වා ඇති බවට ද වාර්තා වෙයි. වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා තරුණිය රෝහල්ගත කොට ඇත.

සැකකරු දික්‌වැල්ලේ පදිංචිකරුවෙකි. මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් නිළධාරීන් සිදුවීම පිළිබදව පරීක්ෂණ පවත්වයි.

YOU MAY ALSO LIKE