Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘පෙරභවයේ මා ද්‍රවිඩ කාන්තාවක ලෙස සිටි බව මා පිළිගන්නවා‘‘ පෙර භවයේ තිබූ පුරුදු සියල්ලත් රැගෙන මේ භවයට පැමිණි චින්තාගේ නළලේ තිලකයෙන් සියල්ල හෙළිවේ....!!

3648Views

බෞද්ධ ජනසමාජය තුල පුනර්භවය හා පුනරුප්පතිය පිළිබඳව විශ්වාස කරනවා. පෙර භවයේ ද්‍රවිඩ පවුලක ඉපිද මේ භවයේදී බෞද්ධ පවුලක ඉපදුනු කෙනෙකු පිළිබඳව පුවතක් පසුගියදා සතිඅන්ත පුවත්පතක වාර්තා කර තිබුණා. පෙර භවයේ මතකයන් සමඟ යළි පුනරුප්පත්තිය ලැබූ ඇයගේ කතාවයි මේ.

මාදම්පේ රෝහලේදී උපත ලද චින්තා පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණිය වූවාය. උපතින්ම ඇය තුළත් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. එනම් ඇගේ නළලේ මැද රත් පැහැති ගැටිත්තක් පිහිටා තිබීමය. ඒ සමගම ඇගේ කන් පෙතිවල ඉහළ කොටසේ සිදුරු දෙකක් දක්නට ලැබිණි. මෙම සුවිශේෂි ලක්ෂණ චින්තාගේ දෙමාපියන්ටද බලවත් ප්‍රශ්නයක් විය. කන්පෙතිවල තිබූ සිදුරුවලට වඩා ඇගේ නළලේ තිබූ රත් පැහැති ගැටිත්ත නිසා මව බියපත් වී එයට කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක් සිදු කළ යුතු යයි සිතුවාය.   

සිය සැමියා සමගද ඒ පිළිබඳව පැවසූ මව තම සිඟිති දියණිය වෛද්‍යවරයකුට ඉදිරිපත් කළාය. එය පරීක්ෂා කළ වෛද්‍ය මතය වූයේ එහි කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවය. කල් යැමේදී එය මැකී යනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. ඒ අයුරින්ම චිත්තාගේ සිරුර වැඩීමත් සමග එහි වර්ණය තරමක් අඩුවන්නට වූ අතර ගැටිත්ත තුනී වීමක්ද සිදුවිය. එහි දක්නට තිබුණේ ද්‍රවිඩ ජාතිකයන් නළල මැද තබන තිලකය නිරූපණය වීමකි.   

කන්පෙතිවල තිබූ සිදුරු මගින්ද දක්නට ලැබුණේ ද්‍රවිඩ කාන්තාවන් කරාබු පැලඳීම සඳහා කන්පෙතිවල මැද කොටසේ කරන සිදුරු ලෙසය. චිත්තා බහ තෝරන වියට පත්වන විට ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. ඇය ඉල්ලූ ආහාර වර්ග වූයේ තෝසේ සහ උළුඳු වඩේය. දෙමාපියන් සමග නිවසින් බැහැර යන ගමන්වලදී ද්‍රවිඩ ආපන ශාලවක් දුටු විගස එහි යාමට ඇය දෙමාපියන්ට කියන්නට වූවාය. තෝසේ සහ වඩේ ඉල්ලීමට අමතරව ද්‍රවිඩ ආහාරයක් වූ පුලියානම් විශේෂිත ආහාර වර්ගය එම වදනින්ම ඉල්ලා සිටීමද ඇගේ සිරිත විය.   

තම දියණියගේ මෙම හැසිරීම් රටාව මගින් ද්‍රවිඩ සංස්කෘතියට සමාන ගති සිරිත් ඇය තුළින් මතුවන බැව් දෙමාපියන්ට අවබෝධ විය. එහෙත් දෙමාපියෝ ඒ පිළිබඳව ඇගෙන් කිසිවක් නොවිමසූහ. චින්තාගේ දෙමාපියෝ බෞද්ධ සිරිත් අගය කළ අය වූහ. චින්තාද වෙහෙර විහාර සිද්ධස්ථානවලට කැඳවාගෙන යනු ලැබුවද ඇය හින්දු කෝවිල යාමට මහත් ආශාවක් දැක්වූවාය.   

කෝවිල්වලට යාමට ඇය මහත් ප්‍රිය බවක් දක්වන්නට වූ අතර එහි ගිය විටදී ඒවායේ පැවැත්වෙන ප්‍රජාවලටද සහභාගි වූවාය. මේ අතර ඇය අන් දැරියන් සමග ක්‍රීඩා කරන අවස්ථාවලදී සාරිය ඇඳීමද සිරිත විය. සාරිය ඇඳ හිසකෙස් අතර මල් දවටා ගනු ලැබුවේ ද්‍රවිඩ කාන්තා විලාසිතා විදහා දන්වමිනි. මෙම දැරියගේ ගති සිරිත් පිළිබඳ සහ ඇගේ නළලේ සහ කන්පෙතිවල පිහිටීම් පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ වන විට ඇය වැඩිවිය පැමිණ සිටි දැරියක් වූවාය. ඇගේ හැසිරීම් රටා සහ උපතින් ඇය අනුකරණය කළ චර්යාවන් අනුව ඇය පෙර භවයේදී ද්‍රවිඩ ජාතික කාන්තාවක ලෙස කරුණු අනාවරණය විය.   

එම පර්යේෂණයේදී චිත්තාගේ මව එද‌ා අප සමග හෙළි කළ තොරතුරු පර්යේෂණ වාර්තාවේ ඇතුළත් අයුරින්ම මෙහි සඳහන් කළ හැකිය.  

‘‘ කන්පෙතිවල තිබූ සිදුරු මගින්ද දක්නට ලැබුණේ ද්‍රවිඩ කාන්තාවන් කරාබු පැලඳීම සඳහා කන්පෙතිවල මැද කොටසේ කරන සිදුරු ලෙසය. චිත්තා බහ තෝරන වියට පත්වන විට ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. ඇය ඉල්ලූ ආහාර වර්ග වූයේ තෝසේ සහ උළුඳු වඩේය. දෙමාපියන් සමග නිවසින් බැහැර යන ගමන්වලදී ද්‍රවිඩ ආපන ශාලවක් දුටු විගස එහි යාමට ඇය දෙමාපියන්ට කියන්නට වූවාය. තෝසේ සහ වඩේ ඉල්ලීමට අමතරව ද්‍රවිඩ ආහාරයක් වූ පුලියානම් විශේෂිත ආහාර වර්ගය එම වදනින්ම ඉල්ලා සිටීමද ඇගේ සිරිත විය. ‘‘  

මගේ අනෙක් කිසිම දරුවකුගේ නළලේ තිලකයක් බඳු උපතින් එවැනි පිහිටීමක් තිබුණේ නෑ. කන්පෙතිවලත් උපතින්ම එවැනි සිදුරු දක්නට ලැබුණේ චින්කා දුවගේ පමණයි. පුංචි කාලෙ ඉඳලම එයා වඩේ, තෝසේ වගේ ආහාර ඉල්ලුවා. එයා සෙල්ලම් කරන විටත් සාරිය අඳින්න හරිම ආසයි. සාරිය ඇඳගෙන හිසේ මල් ගසා ගන්නවා. ගෙදරින් පිට කිසියම් ගමනක් යන විටදි ද්‍රවිඩ ආහාරපාන ඇති භෝජන ශාලාවක් දුටුවිටදී එ්වාට යෑමට උත්සාහ කළා.   


ද්‍රවිඩ දරුවන් හෝ ද්‍රවිඩ අය දුටුව විට ඔවුන් අතරට යාමටත් එයා පුදුම ආශාවක් දක්වන බැව් අපට දක්නට ලැබුණා. මේ අයුරින් එද‌ා චින්තාගේ ජීවන රටාව අනාවරණය කළ ඇගේ මවට අප ඉදිරිපත් කළ ප්‍රශ්නත් එ්වාට ඇය දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය - උපතින්ම ඇගේ දක්නට ලැබුණු නළලේ කැළල ප්‍රථම වරට දුටුවේ කවදාද?   
පිළිතුර - උපන් අවස්ථාවේදීම දුටුවා.   
ප්‍රශ්නය - ඒ අවස්ථාවේ ඔබ ඒ ගැන සිතුවේ කුමක්ද?   
පිළිතුර - කිසියම් තුවාල කැළලක් යයි සිතුවා   
ප්‍රශ්නය - එය පිහිටා තිබුණේ කෙසේද?   
පිළිතුර - හරියටම නළල මැද තද රත් පැහැයෙන් පිහිටා තිබුණා. මුලින්ම එය දක්නට ලැබුණේ රතු පැහැති ගැටිත්තක් ලෙසයි.   
ප්‍රශ්නය - ඇගේ තිබුණු අනෙත් වෙනස්කම් මොනවාද?   
පිළිතුර - කන්පෙතිවලට ඉහළින් මැද කොටසේ සිදුරු දෙකක් පිහිටා තිබුණා   
ප්‍රශ්නය - ඔබ ඒ ගැන සිතුවේ කුමක්ද?   
පිළිතුර - කිසිවක් සිතාගන්න බැරි වුණා. උපතින් ලැබූවක් බව දැනුණා.   
ප්‍රශ්නය - ඒ පිළිබඳව වෛද්‍යවරයකුගෙන් විමසීමක් කළාද? 
පිළිතුර - නළලේ තිබුණ රත් පැහැති ගැටිත්ත දොස්තර මහත්තයෙකුට පෙන්නුවා.   
ප්‍රශ්නය - ඔහු කීවේ කුමක්ද?   
පිළිතුර - කිසිදු රෝගයක් නැහැ කියා කීවා.   
ප්‍රශ්නය - ඇය බහ තේරීම ආරම්භ කළේ වයස කීයේදීද?   
පිළිතුර - වයස අවුරුදු තුනේදී පමණ   
ප්‍රශ්නය - කනේ සිදුරු පිළිබඳව හෝ නළලේ තිබූ ගැටිත්ත ගැන හෝ ඇය කිසිවක් කීවාද?   
පිළිතුර - නෑ   
ප්‍රශ්නය - ඇය ද්‍රවිඩ ගතිසිරිත් ලෙස ප්‍රකාශ කළ වදන් මොනවාද?   
පිළිතුර - ආහාර වර්ග ලෙස ඇය උළුඳු වඩේ, තෝසේ වගේ දේවල් ඉල්ලා සිටියා.   
ප්‍රශ්නය - ඒ හැරෙන්න තවත් කිසිවක් ප්‍රකාශ කළාද?   
පිළිතුර - ‘‘පුලියානම්’’ කියමින් ඒවා ඉල්ලුවා.   
ප්‍රශ්නය - ඇය තුළ තිබූ ආගමික භක්තිය කෙසේද?   
පිළිතුර - අපි පන්සල් යනවිට ඇයත් පන්සල් යනවා. ඒත් එයා කෝවිල් යාමට හරිම ආශාවක් දැක්වූවා.   
ප්‍රශ්නය - කෝවිලේදී ඇගේ හැසිරීම කෙසේද?   
පිළිතුර - කෝවිලේ පූජාවලටත් එයා සහභාගි වීමට පුරුදුව සිටියා.   


එසේ චින්තාගේ හැසිරීම් රටාව මව එදා අප සමග අනාවරණය කළාය.   චින්තා එදා තරුණියක ලෙස සිටියදී ඇගේ ද්‍රවිඩ ගති සිරිත් පිළිබඳව ඇගෙන් විමසීමටද එද‌ා අපට අවස්ථාව ලැබිණි. එහිදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්න හා ඇය දුන් පිළිතුරුත් මෙසේය.   


ප්‍රශ්නය - ඔබේ නළලෙ තිබූ සලකුණ සහ කන්පෙතිවල තිබූ සිදුරු ගැන ඔබ සිතන්නේ කුමක්ද?   
පිළිතුර - ද්‍රවිඩ කාන්තාවක ලෙස පෙර භවයේ සිටින්නට ඇතැයි මා සිතනවා.   
ප්‍රශ්නය - ඔබ එසේ සිතන්නේ ඇයි?   
පිළිතුර - ද්‍රවිඩ ආහාර වර්ගවලටත් ද්‍රවිඩ ආගමික සිරිත්වලටත් මම කුඩා කල සිටම ඉතා කැමතියි. ඒ ආහාර මම ඉල්ලා ඇත්තේ වයස අවුරුදු තුනේ පමණ සිටයි.   
ප්‍රශ්නය - ඔබ ද්‍රවිඩ ජාතිකයකුට ඇති කැමැත්ත කෙසේද?   
පිළිතුර - ද්‍රවිඩ අය මට ඉතාම සමීප අය ලෙස සිතෙනව. ඔවුන් දුටු විටදි ඔවුන්ට දැඩි ළැදියාවක් ඇතිවනවා. ද්‍රවිඩ ජාතිකයන්ට මගේ දැඩි පැහැදීමක්ද තියෙනවා. 

 
එසේ එදා චින්තා අප සමග ප්‍රකාශ කළාය. මහාචාර්ය ස්ටීවන්සන් ඇය පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ණයේදී ඇගේ ගති සිරිත් පිළිබඳව සියුම් විග්‍රහයකද නිරත විය. අනතුරුව ඇය උපතින් දැක්වූ ගති සිරිත් පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයකටද ඇතුළත් කර ඇත්තේ. CHINTA'S BEHAVIOR RELATED TO THE PREVIOUS LIEF) යනුවෙනි. එහි ඇගේ ගතිසිරිත් සඳහන් කර ඇත්තේ මෙසේය.   


WHEN CHINTA WAS BORN SHE HAD A HOLE IN THE HELIX OF EACH EAR, SHE ALSO HAD A RED CIRCULAR MAR ON HER FOREHEAD WHEN CHINTA BECAME QLDER SHE SHOWED AN UNUSUAL FOR HER FAMILY PREFERENCE FOR TAMIL PEOPLE, THEIR CUSTOMS AND THEIR FOOD   


එදා ද්‍රවිඩ ගති සිරිත් උපතින් ඉදිරිපත් කළ චින්තා දැන් දෙදරු මවකි. ඇය කුඩා කල තිබූ ද්‍රවිඩ ගතිසිරිත් පිළිබඳව ඇය අද සිතන්නේ කුමක්දැයි පසුගිය දිනෙක අපි ඇගෙන් විමසුවෙමු.  


එදා මම පුංචි කාලෙ ඉඳන්ම ද්‍රවිඩ ආහාර පානවලට තිබුණු ආශාව තවමත් තියෙනවා. කන්වල සිදුරු තිබූ තැන් තවමත් පැහැදිලි ලෙස තියෙනවා. නළලේ තිබූ තිලකය තිබූ ස්ථානය මගේ සිරුර වැඩීමත් සමග වෙනස්වීමක් සිදුවූවා. කෝවිල්වලට යාම තවමත් සිදුවනවා. ඒවායේ පැවැත්වෙන පූජාවලට මම දැනුත් සහභාගි වනවා.  


මගේ ජීවිතයේ ප්‍රශ්න කිසිවක් ඇති වූ විටෙක කෝවිල්වලට ගිහින් බාරහාර වීමත් මගේ සිරිතයි. එය මගේ මනසට ලොකු සැනසීමක් වනවා. මේ සියල්ල නිසා පෙරභවයේ මා ද්‍රවිඩ කාන්තාවක ලෙස සිටි බව මා පිළිගන්නවා යයි චින්තා පැවසුවාය.  


චින්තා බිහිවීමට සිටියදී මවට ඇති වූ දොළදුකක් පිළිබඳවද මෙම පර්යේෂණයේදී එදා මවගෙන් හෙළිවිය. චින්තා මව් කුස තුළ සිටියදී මවට දැඩි ආශාවක් ඇතිවූයේ ද්‍රවිඩ ආහාර වර්ගයක් වූ ‘පුලියානම්’ කෑමටය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද වාර්තාවේද ඒ බැව් සඳහන් කර ඇත්තේ MOTHER SAID THAT DURING HER PREGNANCY WITH CHINTA SHE WAS FOND OF A SPECIAL KIND OF CURY POOLIANAM, WHICH TAMILS PREPARE AND RELISH යනුවෙන්.  
මව අනෙක්‍ දරුවන් බිහිවීමට සිටියදී එවැනි කිසිදු දොළදුකක් හෝ ආශාවක් ඇති නොවූ බැව් ඇය ප්‍රකාශ කළ බැව්ද එහි සඳහන් කර තිබේ.  

තිස්ස ජයවර්ධන - ඉරිදා ලංකාදීප පුවත්පත

YOU MAY ALSO LIKE