Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රටේ ප්‍රතිඵල විතරක් නෙවෙයි පොළොන්නරුවේ ප්‍රතිඵලත් බලන්න, නායකත්වේ මහින්දට දීලා යන්න" ජී.එල් ගෙන් ජනපතිට පණිවිඩයක් .!

13984Views

පළාත් පාලන මැතිවරණයේදී සමස්ත රටෙහිම පමණක් නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රතිඵලද සළකා ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද , හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පැවරිය යුතු බවට ජී.එල් පිරීස් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ වන විට නිකුත්වූ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා පෙරමුණේ පසුවන අතර , එජාපය දෙවන ස්ථානයේ පසු වෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවන්නේ තෙවන ස්ථානයේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රීක්කයේද බොහො පළාත් පාලන ආයතනයන්හි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

YOU MAY ALSO LIKE