Monday, February 19, 2018
- nethgossip.lk@gmail.com

ජනපති , අගමැති හමුවුණේ ඉන්දියාවට යන්න පෙර - ලෝක බලවතුන් දෙදෙනා ලංකාව ගැන දැඩි අවධානයෙන්..!

2188Views

ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා ඊයේ (13) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ. 

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත්තේ වෙන වෙනමය. ඉන්දියාවේ නව විදේශ ලේකම් විජේ ගෝක්හාලේ හමුවීම සඳහා නවදිල්ලි නුවරට යෑමට පෙර මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත.

මෙම හමුවීම් කලින් සැලසුම් කරන ලද ඒවා යැයි ද මෙම හමුවීම් සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය හා කිසිදු සම්බන්ධයක් නැතැයි ද විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

නායකයන් දෙදෙනා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවලදී ද්විපාර්ශවීය කරුණු සහ අන්‍යෝනය සබඳතා පිළිබඳ සාකච්ඡා වී ඇතැයි ද වාර්තා වේ. 



 

YOU MAY ALSO LIKE