Tuesday, May 22, 2018
- 0770586666

"නිදහස් පක්ෂේ ආණ්ඩුවෙන් අයින් වුනත් මේ දේවල් අපිට ඕන" ඒකාබද්ධ විපක්ෂයෙන් තද කතාවක් .!

8137Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අනිවාර්යයෙන්ම තමන්ට හිමිවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු මුද්‍රිත මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කතානායක කරු ජයසූරියගෙන් තමන් ඇතුලු කණ්ඩායම ඉල්ලා සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනකු සිටිනා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා නොදී ව්‍යාජ විපක්ෂයට එම තනතුරු ලබාදීමට වත්මන් යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවකු ලෙස පවසමින් ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේදී දිය යුතු සාධාරණ නියෝජනය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා නොකළ බවත් එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ විට එම තර්කය බිඳ වැටෙන බවත් 2015 සිට වසර 3ක්ම රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නියම භූමිකාව සිදුකරන්නේ ඒකාබද්ධ විපක්ෂය නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඩුප්ලිකේට් විපක්ෂයෙන් ඉවත් කර කඩිනමින් ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බවද එම නියෝජිතයා මුද්‍රිත මාධ්‍යයට සදහන් කර තිබුණා.