Monday, February 19, 2018
- nethgossip.lk@gmail.com

" දැන් උඹලා හිටියා ඇති. වහාම මේ රට විනාශ නොකර පලයල්ලා " ඡන්දෙන් ලැබුණු ජනතා පණිවිඩය පැවිදි හඬ සංවිධානය පහදයි .!

3164Views

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබා දී තිබෙන පණිවිඩය "දැන් උඹලා හිටියා ඇති. වහාම මේ රට විනාශ නොකර පලයල්ලා" යන්න බව  මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසනවා. පැවිදි හඬ සංවිධානය ඊයේ (13දා) අභයාරාමයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද හිමියෝ මේ බව පැවැසූහ.

එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

මේ රටට ආදරේ ඇති පිරිසක් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන්ම පොහොට්ටුව දිනවන්න කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳලම මේ රට අගාධයට යවන්න කටයුතු කළා. බලයට පත්වෙලා අවුරුදු 3ක කාලය තුළ මේ රටට කරපු දේවල්වලට දිට්ඨධම්මවේදනීය කර්ම පඩිසන් දීලා තමයි මේ ආණ්ඩුව පරාජයට පත්වුණේ. මේ ආත්මයේම පලදෙන මහා පාපකර්ම රාශියක් මේ ආණ්ඩුව සිද්ධ කළා. ඒවායේ විපාක තමයි මේ ලැබුණේ.

මේ රට මෛත්‍රිපාල සිරිසේනටවත් රනිල් වික්‍රමසිංහටවත් ගෙනියන්න පුළුවන්කමක් නැහැ. මේ රට විකුණන්නේ නැතුව ජාතිය පාවා දෙන්නේ නැතුව මේ රට ගෙනියන්න පුළුවන්. රට ආරක්ෂා කරන්න පුළුවන් කෙනකුට මේ රට භාර දෙන්න කියන කතිරය තමයි 10 වැනිදා ජනතාව ගහලා තියෙන්නේ.

අපේ මවුබිම සුරැකීමේ සංවිධානයත් පැවිදි හඬ සංවිධානයත් ආණ්ඩුවත් එකම ඉල්ලීමක් කරනවා. ඒ මේ ආණ්ඩුව විසුරුවා හැරලා ජනතා මතයට කන් දීලා මහ මැතිවරණයක් තියන්න කියන එක.

දැන් අලුතෙන් පත් වෙන අයටත් අපි කියනවා කබරයො, ගෙම්බෝ වෙන්න එපා. ජනතාව ඔවුන්ව විශ්වාස කරලා ඡන්දය ලබාදුන්නේ. කොන්ත්‍රාත්කාරයන්ගේ පස්සේ යන්නේ නැතුව මේ රට දියුණු කරන්න.

මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ලේකම් ගොම්බද්දල දමිත හිමියන්ද මෙහිදී අදහස් දැක්වූවා, එහිදි උන්වහන්සේ පවසා සිටියේ 
.
අපි මහින්ද රාජපක්ෂ මහතාට මතක් කරනවා ඔබතුමාගේ ජීවිතයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු කාලය තමයි පසුගිය අවුරුදු 03. ඒ අවුරුදු තුන ඇතුළත ඔබතුමාට අතිශය වැදගත් පාඩම් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ පළමුවැනි එක තමයි තමන්ට හිතෛශීි පුද්ගලයන් හඳුනාගැනීමට ලැබීම. තිබුණු වැරැදි හදාගන්න ඔහුට අවස්ථාව උදා වුණා. ඒ අවු. 3 එතුමාගේ ජීවිතය අතිශය පරිණතභාවයට පත්කරපු අවුරුදු 3ක් හැටියට සලකන්න පුළුවන්.

YOU MAY ALSO LIKE