Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

බැංකු ජාවාරමකට අත්අඩංගුවට ගත් වික්ටර්ගේ තරුණ බිරිඳට ඇප , ඇප දෙන්න ලඟම ඥාතීන්ට එන්න කියලා .!

3842Views

මින් පෙර සේවය කළ රාජ්‍ය බැංකුවක සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි , ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හසිනි අමේන්ද්‍රා ඇප මත නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත්  නියෝග කොට ඇත.

මෙහිදී රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ද සමග සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය ද අත්හිටුවා තිබේ.

එම ඇප කරුවන් පවුලේ ඥාතීන් විය යුතු බවද පැවසූ මහේස්ත්‍රාත් වරයා සැකකාරියට ලබන 16 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කොට ඇත.

වික්ටර් රත්නායක සමග විවාහ වීමට පෙර හසිනි රත්නායක තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කළ අතර , එම බැංකුවේ ගනුදෙනුකරුවන් විසින් උකස් කළ රන් භාණ්ඩ , ව්‍යාජ ආභරණ සදහා මාරු කරමින් මෙම වංචාව සිදුව තිබුණා. 


 

YOU MAY ALSO LIKE