Thursday, June 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න. අප්පයි පුතයි දෙන්නම එකයි‘‘ රාජිත, විමල් පාර්ලිමේන්තුවේදී ගැටෙයි.

8668Views

මේ මොහොත වන විට පාර්ලිමේන්තු සභාව ඉතා උණුසුම් වී තිබෙනවා. එහිදී මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුනා

“අද උදේ මෙයාලා මහ ලොකුවට කිව්වේ ජාතික ආණ්ඩුව නෑ කියලා.  දැන් මේ තියෙන්නේ මොකක්ද? අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම කිව්වේ නෑ කියලා මහින්ද අමරවීර මහතා කියලා තියෙනවා“.  යනුවෙන් දුරකතනය දෙස බලාගෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මන්ත්‍රීවරයා යම් ලේඛණයක් ගැන කියනවා නම් සභාගත කරන්න කියන්න. අප්පයි පුතයි දෙන්නම එකයි. යනුවෙන් සඳහන් ප්‍රකාශ කලා.

රාජිත - මෙතුමා තාක්ෂණය ගැන දන්නේ නෑ. මෙතුමා ඕලෙවල් ෆේල්. පුලුවන්නම් සාමාන්‍ය පෙළ සහතිකය පෙන්වන්න.

විමල්  - මේ කැබිනට් ප්‍රකාශක කියනවා මම ඕලෙවල් ෆේල් කියලා. පුළුවන් නම් ඔප්පු කරන්න. මම හෙට ඉල්ලා අස්වෙනවා.

රාජිත  - ඇයි ඒලෙවල් කළේ නැත්තේ? වැඩ හයයි ඕනා ඕලෙවල් පාස් වෙන්න. 

ඉතා උණුසුම් වචන හුවමාරුවකින් අනතුරුව මේවනවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා විවාදයේ අදහස් දක්වමින් සිටින අතර යහපාලන ආණ්ඩුව නොවෙනස්ව ඉදිරියට යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලා.