Sunday, December 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපති ජපානයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කරයි...!! (PHOTOS)

1796Views

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරික්ෂණ චාරිකාවක නිරත වුනා.

එම මධ්‍යස්ථානය තුල නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් කසළ ප්‍රතිචක්‍රීකරණය  කරන අතර කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද විශේෂත්වයක් වනවා.

මෙම අවස්තාවට  පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා ( Kenichi Suganuma ) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා.

 

 

 

YOU MAY ALSO LIKE