Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" මම හිටියා නම් මටත් කෙන්ති යනවා " බංගලියන්ගේ නයි නැටුමට හිටපු ශ්‍රී ලංකා විශිෂ්ඨයා දිල්ශාන්ගෙන් ප්‍රතිචාර .!

4898Views

 

නිදහස් කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ හැසිරීම දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම පිළිබද හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා ,

එම සංවාදය පහතින් ,

Q : එදා ග්‍රවුන්ඩ් එකේ හිටියාද? 

නෑ.

Q : එතකොට මේ සිද්ධිය දැක්‌කේ?

මං ටී.වී. එකෙන් තමයි මේ සිද්ධිය දැක්‌කේ.

Q : මේ සිද්ධිය ප්‍රවීණ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ විදිහට ඔබ දකින්නේ කොහොමද?

ක්‍රිකට්‌ හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා. ඉතින් එදා වෙච්ච සිද්ධිය ක්‍රිකට්‌ වලට එතරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ.

Q : ඒ ප්‍රශ්නය ඇතිවෙන්න යම් දෝෂයක් සිදුවුණාද?

කණ්‌ඩායම් දෙකම ඒ වෙලාවේ හිටියේ ජයග්‍රහණය කිරීමේ අපේක්‌ෂාවෙන්. මං දැක්‌ක විදිහට නම් එතැනදි මිස්‌ටේක්‌ එකක්‌ වුණා.

Q : බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම?

තරගයකදී ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. තරගයෙන් පස්‌සේ ඒ දේවල් තියාගන්න හොඳ නෑ. එතනින් පස්‌සේ වැඩේ ඉවරයි. ඒත් බංග්ලාදේශ ක්‍රීඩකයින් ඩ්‍රෙසිං රූම් එකට හානි කරලා තිබුණ ඒවානම් අනුමත කරන්න බැහැ.

Q : බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ලැබුණු දඬුවම ප්‍රමාණවත් කියලා හිතනවද?

මැච් රෙෆ්‍රි තමයි ඒ සඳහා මොකක්‌ද කරන්නේ කියලා තීරණය කරන්නේ. නමුත් මගේ පෞද්ගලික මතය නම් මීට වඩා දඬුවම වැඩි වෙන්න තිබුණා කියන එකයි.

Q : ඔබ මේ වගේ අවස්‌ථාවක හිටියනම්?

මම හිටියනම් මටත් කේන්ති යයි. ඒත් එවලෙට විතරයි. අපිටත් එහෙම දේවල් වෙලා තියෙනවා. මැච් එකෙන් පස්‌සේ අපි ආයිත් කතා කරලා ඒක අමතක කරනවා. මොකද අපි ආයෙත් කවදා හරි ඔවුන් එක්‌ක ක්‍රීඩා කරන්න ඕනේ. තරහ දිගටම අරන් යන්න හොඳ නෑ.

Q : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය?

අපේ ප්ලේයර්ස්‌ලා හොඳට හිටියා. විරුද්ධ ක්‍රීඩකයින් හැසිරුණ ආකාරයට තමයි අපේ ප්ලේයර්ස්‌ලා දෙන්නෙක්‌ වගේ හැසිරුණේ.

Q : මේ ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් ඔබ හිතන විදිහට මොකක්‌ද ගතයුතු දේ?

මේක පාඩමක්‌ කරගෙන ඉදිරියට යන්න ඕනේ.


 


සංවාදය : ගයාශාන් විතානආරච්චි / දිවයින

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

380
2018-07-18

INAMI

173
2018-07-18

Rashmi Madushika

187
2018-07-18

Nuwandika Siriwardena

2156
2018-07-17