Tuesday, April 24, 2018
- 0770586666

අනාගතයටම ආයෝජනයක් එක්ක අලුත් අවුරුද්ද අලුතෙන්ම පටන් ගන්නෙ මෙහෙමයි .!

10152Views

සිංහල අලුත් අවුරුදු මාසය, එහෙමත් නැත්තම් රටම උත්සවශ්‍රීයෙන් ඉතිරෙන බක් මාසය උදාවෙලා තියෙනවා.  ඒ වගේම සිංහල හින්දු අලුත් අවුරුද්දට තවත් ඉතිරිවෙලා තියෙන්නෙ දින කිහිපයක් විතරයි.ඒ වගේම තමයි අලුත් අවුරුදු සමය කියන්නෙ බොහො දෙනාගේ අතමිට සරු වන කාලයක්.

අතීතයේ ඉඳලම අවුරුද්ද සහ මුදල් අතර සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මේ නිසාම සිංහල අලුත් අවුරුද්දට  ගනුදෙනු කිරීමේ නැකතට හිමි වෙන්නේ ඉහළ වැදගත්කමක්. 

මේ වැදගත් නැකැත් චාරිත්‍රය වැදගත් විදියට කරන්න ඕන නිසාම බොහෝ දෙනා අවුරුදු නැකත් මුල් කරගෙන බැංකුවල මුදල් තැන්පත් කරන්නත් පුරුදුවෙලා ඉන්නවා.සිංහල ක්‍රමයට අනුව නව වසරක් උදාවන සුභ දායක දිනයක මුදල් ඉතිරිකර නව වසර ඇරඹීම අතිශය සුභදායක කටයුත්තක් බව බොහො දෙනා විශ්වාස කරනවා.

අතමිට සරුවන නව වසරේ අනාගතය උදෙසා මුදල් ඉතිරි කිරීම සැබැවින්ම නුවණැති ක්‍රියාවක්. ඒ වගේම ඔබේ වටිනා මුදල් විශ්වාසවන්ත තැනක තැන්පත් කිරීම ඊටත් වඩා නුවනැති ක්‍රියාවක්.

ඒ වගේ බුද්ධිමත් ජනතාව වෙනුවෙන් පාරි‍භෝගික හදවතේ ඉහලම විශ්වාසනීයත්වය දිනූ එල්.බී ෆිනෑන්ස් ආයතනය මෙදා අවුරුද්ද වෙනුවෙන් තිළිණ කරන අලුත්ම මූල්‍ය සැළසුම තමයි ‘‘එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු‘‘ ස්ථාවර. තැන්පතු ගිණුම.

ඒ වගේම ‘‘එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු‘‘ තුලින් අදහා ගත නොහැකි වාසි රැසක් ඔබට හිමි කරගන්නට පුළුවන් වගේම මූල්‍ය ක්ෂේස්ත්‍රයේ ඉහල පොලියක් ලබා දෙන මූල්‍ය ආයතනයක ආයෝජනය කිරීම නිසා ඔබේ වටිනා මුදලට ඉහල ආරක්ෂාවකුත් හිමි වෙනවා. 

ඒ වගේම ඉතිරි කිරීමේ ක්‍රමයක් තෝරගනිද්දි අද කාලෙට ගැලපෙන ඉතිරි කිරීමේ ක්‍රමයක් තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ වෙද්දි මූල්‍ය ආයතන බොහෝ ප්‍රමාණයක තියෙන සාමාන්‍ය ඉතිරි කිරීමේ ක්‍රමයන් වලට වඩා ‘‘එල්.බීෆිනෑන්ස් යස ඉසුරු‘‘ ස්ථාවර. තැන්පතු ගිණුම අද කාලෙට ගැලපෙනම තැන්පතු ක්‍රමයක් කියලා කියන්න පුළුවන්.

ඒ නිසාම වසර ගණනාවක් තිස්සේ මෙරට ජනතාවගේ උපරිම විශ්වාසය දිනාගනිමින් මූල්‍ය ක්ෂේස්ත්‍රයේ ඉහලම නාමයක් වන එල්.බී ෆිනෑන්ස් වෙතින් ඔබට යස ඉසුරු කැන්දන ‘‘එල්.බී ෆිනෑන්ස් යස ඉසුරු‘‘ සමඟ එක්වන්නට අපි ඔබට ඇරයුම් කරනවා. 
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  ලක්වාසී සියළුම දෙනාට යස ඉසුරින් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි එල්.බී ෆිනෑන්ස්  ආයතනය ඔබට ප්‍රාර්ථනා කරනවා...!


 

YOU MAY ALSO LIKE