Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

119 නිහඬ නිසා ගාලු මුහුදේ ගිලී තිබී ගොඩටගත් පිළිමයට තරුණයින් කරපු දේ...! (PHOTOS)

3682Views

 

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගල්මල් නැරඹීමට නිතර පැමිණෙන තරුණයෙකු ඊයේ(15) කොටුව ආසන්න මුහුදේ ගිලී තිබූ  කිලෝග්‍රෑම් 40 කටත් වැඩි බරැති පිළිමයක් සොයා ගෙන තිබෙනවා. කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති මෙම තරුණයා  සහ ඔහුගේ මිතුරකු මුහුදේ කිමිදෙමින් සිටියදී මෙම පිළිමය හමුවී ඇති බවයි වාර්තා  වෙන්නේ 

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින්  තිබු බව ඔවුන් ප්‍රකාශ කරන අතර පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරාද සමග කිමිදී පිළිමය ගොඩට ගත් බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

පිළිමය මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක්  නොදැනුනත් ජලයෙන් මතුපිටට ගැනීමට තමාට සහ මිතුරාට දැඩි අපහසු වූ බවත් සඳහන් කර තිබෙනවා.කෙසේ වෙතත් පිළිමය ගොඩට ගැනීමෙන් පසු අදාල සිදුවීම දැනුම්දීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ට අමතා ඇති අතර සඳහා ප්‍රතිචාර නොලැබුනු නිසා අදාල පිළිමය ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය විහාරයට ගෙනවිත් භාර දී තිබෙනවා.

මෙම පිළිමය පිළිබඳව පුරා විද්‍යා අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


 

 

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

380
2018-07-18

INAMI

172
2018-07-18

Rashmi Madushika

187
2018-07-18

Nuwandika Siriwardena

2156
2018-07-17