Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘අයි එස් ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්න දෙන්නෙ නෑ‘‘ ට්‍රම්ප්ගේ දැඩි තීරණ හමුවේ ප්‍රංශ ජනපතිත් කතා කරයි..! ප්‍රහාරක අවස්තාවේදීත් දෙදෙනා අතර දුරකතන සාකච්චා...!

2502Views

මේ දවස්වල ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු වුන රටවල් අතර අමරිකාව,සිරියාව,ප්‍රංශය,රුසියව ඉහලින්ම ඉන්නවා. අමරිකාව සහ තවත් බටහිර රටවල් කිහිපයක් එකතුවෙලා සිරියාවට එල්ල කරන ප්‍රහාර මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මේ සිදුවීම් පෙල ගැන ලෝකයේම කතාබහට ලක්වෙන මොහොතක  ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එ් අනුව ප්‍රංශ ජනාධිපතිවරයා ඉල්ලා තිබෙන්නේ අමෙරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙසයි.

කොහොම නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට පසුගිය දා සිරියාවට ප්‍රහාර එල්ල අවස්තාවේදී  ජනාධිපතිවරුන් දෙදෙනා අතර අවස්ථා කිහිපයකදි දුරකතනය ඔස්සේ සාකච්චා කර තිබෙනවා. ඒ අනුව ප්‍රංශ ජනාධිපති සහ අමරිකානු ජනාධිපති අතර ශක්තිමත් සබඳතාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රංශ ජනාධිපතිගේ ඉල්ලීමට පෙර  ජනපති ට්‍රම්ප්ගේ සැලැස්ම අනුව කඩිනමින් සිරියාවේ අමෙරිකානු හමුදා ඛණ්ඩ ඉවත්කර ගැනීමට තීරණය කර තිබූ බව ධවල මන්දිරය විසින් ප්‍රකාශ කර තිබුණේ. කෙසේ නමුත් ජනපති ඩොනල් ට්‍රම්ප් අවධාරණය කර සිටින්නේ අයි එස් ත්‍රස්තවාදින්ට යළි හිස එසවීමට අවස්ථාව නොදෙන බවයි.