Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඒකාබද්ධයේ ප්‍රබලයෙකු අත් අඩංගුවට...! හේතුව මෙන්න...!

2693Views

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවරයෙකු වන  මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සිද්ධියට සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබූ අවස්තාවේදී හිටපු  අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.