Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ගාල්ලේ මුහුදේ ගිලී තිබී හමු වූ පිළිමය පිටුපස ආන්දෝලනාත්මක කතාවක්...! ඇත්ත කතාව මෙන්න...! (PHOTOS)

16044Views

ගාල්ල කොටුව ආසන්න මුහුදේ තිබී ඊයේ(15) දින හමුවූ පිළිමය ගැන රටේම අවධානය යොමු වුනා. මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරු මුහුදේ තිබී මෙම පිළිමය හමු වූ බවයි සඳහන් වුනේ. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු තවත් ආන්දෝලනාත්මක කතාවක් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා. 

ඒ මීට පෙරද ගාල්ල කොටුව ආශ්‍රිතව මුහුදු තීරයේ කිමිඳුන කිමිදුම්කරුවෙකු විසින් අදාළ පිළිමය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඡායාරූප කිහිපයක්ද සමඟ සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කිරීමත් සමඟයි.

ඒ අනුව එහි සඳහන් වෙන්නේ අදාළ පිළිමය ගාල්ල කොටුව ප්‍රදේශයේ කලා කෘති විකුණන පුද්ගලයෙකු විසින් ව්‍යාපාරික අරමුණක් මත මෙම පිළිමය මුහුදට දමා ඇති බවයි.

එසේම මෙම පිළිමය පෞරාණික වස්තුවක් විය නොහැකි යැයි සේවා සම්මානිත ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතාද පෙන්වා තිබෙනවා.

එය මුලික වශයෙන් දේව ප්‍රතිමාවක් වශයෙන් හඳුනා ගත හැකි වුවද එහි හිස මුහුණ සහ උරහිස කොටස සහිතව පමණක් නිර්මාණයවී තිබීමෙන් එය පූජා භාණ්ඩයක් නොව ප්‍රදර්ශන භාණ්ඩයක් බවත් අතිතයේ එවන් ප්‍රදර්ශන භාණ්ඩ ලෙසින් දේව ප්‍රතිමා නිර්මාණය කිරීමක් සිදු නොවු බවත් මහාචාර්ය වරයා පෙන්වා දෙනවා.

මේ පිළිබඳව අදාල තරුණයා තම මුහුණු පොතට එක්කර තිබූ සටහන පහතින්.

Ancient statue in fort Galle coral reef is a fake story. ( තාරා දේවි)

ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම් . ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබනා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කළා කරුවෙකු විසිනුයි . මම මේ පිළිමය දැකපු හැටියේම  එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුනා. එපමණක් නොවෙයි මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ . කොරල් පරය තුල පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි . මෙම පිළිමය මා දකින විට ගත් චායා රුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි. හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. . මාගේ ම්තුරෙකු වුවද ඔහු ගැන මාහට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝධයක් නැහැ . කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි.