Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වරද කාගෙද..? රුපියල් බිලියන 50 ක මහජන මුදලක් සාක්කු වලට දාගත් අය ගැන හෙලිදරවුවක්...!

1806Views

වර්ෂාව සීමාවී වියලි කාලගුණය එළඹීමත් සමඟ කරලියට එන ප්‍රධාන මතෘකාව තමයි "ලංකාවේ විදුලිබල අර්බුදය සහ විදුලි කප්පදුව. හැම අවුරුද්දකම සූර්යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වීම ස්ථිර වගේම විදුලි කප්පාදුවද කරළියට සම්ප්‍රාප්තවීම ශ්‍රී ලංකා දින දර්ශකයේ අනිවාර්‍ය අංගයක්.

ඒ අතරම වගකිවයුතු ආයතන මේ අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සොයනවා වෙනුවට එකිනෙකාට බෝලය පාස්කරගන්නා ආකාරය සෑම වසරකම සෑම මාධ්‍යකම අසන්නට දකින්නට සිදුවෙන කාරණයක්. ඇත්තෙන්ම මේ වරද කාගේද, කොතැනද? ශ්‍රී  මේ ඒ ගැන පළවුනු සටහනක්.

ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම සෑම වසරකම මෙ.වො 300 ආසන්න ප්‍රමාණයකින් වැඩිවේ. මෙම ඉල්ලුම සැපයීමට සෑම වසරකම අලුතින් මෙ.වොට් 300 පද්ධතියට එකතුවිය යුතු බව ඔබ වටහා ගැනීමට මේරූ බුද්ධියක් අවශ්‍ය නොවේ. එනම් නව විදුලි බලාගාර ඉදිවිය යුතුය. නව විදුලි බලාගාර ඉදි නොවීමට හේතුව ලෙස ලංවිම විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගුකාලීන විදුලි ජනන සැලැස්ම අනුමත කර නොතිබීම බවයි.

නමුත් ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව පවසන්නේ 2018-2037 සඳහා වූ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම 2017 ජූලි මස 19 වන දින අනුමත කර අවසන් බවයි.දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සෑම වසර දෙකකටම වරක් ඉදිරිපත් කරන අතර 2015-2034 සැලැස්මේ බලාගාර ඉදිකිරීමට නිසි පරිදි ආරම්භකරවත් නොමැත. මෙහි පූර්ණ වගකීම ලංවිම සතුවේ.

කෙසේ නමුත් වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීමට ලංවිම සුපුරුදු හදිසි විදුලිය මිලදී ගැනීමකට මේ වසරේත් සියළු පිඹුරුපත් සකසා අවසානය. නමුත් එහිද පවතින්නේ ගැටළුවකි

ලංවිමට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ ඇඹිලිපිටිය ඒස් පුද්ගලික විදුලි බලාගරය මිලදී ගැනීමටයි. (මෙම බලාගාරය විශ්‍රාම යැවිය යුතු, අඩු කාර්‍යක්ශම බලාගාරයක් වුවත් උද්ගතව ඇති තත්වය නිසා. මෙම බලාගාරය මිලදී ගන්නවා වෙනුවට ලංවිම මෙම බලාගාරයෙන් වසර 3ක වැනි දීර්ඝ කාලයකට හදිසි විදුලිය ලබාගැනීම සඳහා තවත් කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇත.

දිගින් දිගටම අත්තනෝමතිකව ක්‍රියාකරන ලංවිමහි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය මේ මස 20 දින වැඩ වර්ජනයක් ඇරඹීමට සූදානම් වේ. මෙහි අරමුණ වන්නේ දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ලංවිම පාලන අධිකාරයට බලකිරීමයි.

මෙය හුදෙක් ජනතාව නොමඟ යැවීමට නොහොත් ගොනාට ඇන්දවීමට ගන්නා තවත් උත්සහයකි. මන්ද ලංකා විදුලිබල මණ්ඩයේ සාමාන්‍ය අධිකාරීවරයා හැරුනුකොට සියළු විදුලි ඉන්ජිනේරුවරු මෙම වෘතීය සංගමයේ සාමාජිකයන් වේ. එනම් සාමාන්‍ය අධිකාරීවරයා හැරුනුකොට ලංවිම වෙනුවෙන් තීන්දු තීරන ගැනීමට බලය ඇති සියලු නිළධාරීන් සංගමයේ සාමාජිකයන්ය.  සාමාන්‍ය අධිකාරීවරයා පවා වසර ගනනාවක් මෙහි සාමාජිකත්වය දරා උසස්වීම ලැබුනු පසු පමණක් සාමාජිකත්වයෙන් ඉවත්වන නිළධාරියෙකි.

මෙවැනි පසුබිමක ඔප්පුවන්නේ තම සාමාජිකයන්ට එරෙහිව ලංවිම විදුලි ඉංජිනේරු සංගමය වැඩ වැරීමකට සූදානම් බවයි. මෙය හුදෙක් ජනතාව නොමඟ යැවීමක් වන්නේ ඒ නිසාය. හදිසි විදුලි මිලදීගැනීම්වලට පාර කපමින් මාස 18 කාලයකට බිලියන 50කට අදික මහජන මුදලක් තමන්ගේ හා හිතවතුන්ගේ සාක්කුවලට පුරවන ලංවිම නොහොත් ලංවිම විදුලි ඉංජිනේරු සංගමය ක්‍රියාකාරීත්වය හෙලාදකිමු

YOU MAY ALSO LIKE