Monday, August 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මාලි නැති අඩුව දැනෙයි.. අවසන් ඕවරයේදී මුම්බායි යළි පරදියි - මහේලගෙනුත් දඬුවමක් (VIDEOS)

9424Views

අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ පිලේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන විසින් සිය කණ්‌ඩායමේ ක්‍රීඩකයන්හට අලුත් දඬුවම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබේ.
 
කණ්‌ඩායමේ ක්‍රීඩකයින් විසින් කරනු ලබන වැරදි සඳහා මහේල විසින් මෙම දඬුවම් ක්‍රියාත්මක කරනු ලබයි.
 
ඒ අනුව නියමිත වේලාවට ක්‍රීඩකයින් අදාළ රාජකාරිය නොකිරීම, බස්‌ රථයට නියමිත වේලාවට නොපැමිණීම, පුහුණුවීම් වලට නිසි වේලාවට නොපැමිණීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මෙම සුවිශේෂී දඬුවම පනවනු ලබයි.
 
අදාළ දඬුවම වනුයේ කණ්‌ඩායමේ ක්‍රීඩකයින් පළඳිනවාට වඩා හාත්පසින්ම වෙනස්‌ ඇඳුමක්‌ අදාළ දඬුවම් ලබන ක්‍රීඩකයාට පැළඳ ගමන් බිමන් යාමට සිදුවීමයි.මෙම ඇඳුම අදාළ ක්‍රීඩකයාට ගලවනු හැකි වනුයේ තවත් ක්‍රීඩකයෙකු වරදකට හසුවනතෙක්‌ පමණි.මෙම ඇඳුම මතුපිටින් මුම්බායි ක්‍රීඩකයින්ගේ මුහුණු කාටූන් රූප ලෙසින් මුද්‍රණය කර තිබීම විශේෂත්වයක්‌ විය.

 අදාළ දඬුවමට පළමුවෙන්ම භාජනය වූ සූර්ය කුමාර් යාදෙව් මුම්බායි ඉන්දියන්ස්‌ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සමගින් පහත වීඩියෝවෙහි දැක්වෙයි

 

 

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. තරගය ජයගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවූ අතර අවසන් ඕවරයේ දෙවැනි සහ සිව්වැනි පන්දුවලට හතරේ පහරකින් සහ හයේ පහරකකින් සංග්‍රහ කළ ක්‍රිෂ්නප්පා ගෞතම් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පන්දු 11 කට මුහුණදුන් ගෞතම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

 

 

YOU MAY ALSO LIKE