Tuesday, May 22, 2018
- 0770586666

වෙනස්කම් රැසක් සිදුවූ මුලතිව් මුහුදෙන් මිල කළ නොහැකි අමුතු හක්ගෙඩියක් හමුවෙයි (PHOTOS)

5482Views

මුලතිව් පළාතේ ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ අමුතුම ආකාරයේ මුහුදු හක් ගෙඩියක්   හමු වී තිබේ.

මෙම හක් ගෙඩිය එක් පසෙකින් වට්ටක්කා ගෙඩියක් මෙන් දිස්වන අතර අනෙක් පසින් බැලූ විට කුරුල්ලකු මෙන් දිස් වන බව එම හක් ගෙඩිය හමු වූ ධීවරයෝ පවසති.

ඇතැම් විට එම හක් ගෙඩිය ඉතා දුර්ලභ එකක් බවත්, මිල කළ නොහැකි හක්ගෙඩියක් වනු ඇති බවත් තමන් සැකකරන  බවට  එම ධීවරයෝ දෙදෙනා විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත් එම ධීවරයින් දෙදෙනා එම හක් ගෙඩිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දී තිබේ.

මුලතිව් මහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්‌කම් ගැන අධ්‍යයනය කොට පරීක්‌ෂණයක්‌ පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂඥයෝ පිරිසක්‌ පසුගිය දිනවල මුලතිව් ප්‍රදේශයට පැමිණියහ..
 
 මීට මාස හයකට ඉහත සිට අවස්‌ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්‌වභාවය වෙනස්‌ බව ද එහි ජල මට්‌ටම අඩි පහකින් පමණ ඉහළ ගොස්‌ ඇති බවද ප්‍රදේශවාසීහු පවසා තිබිණි.