Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

" මම ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑවා , ගුරුවරියක්‌ විදිහටත් සේවය කළා" ආයෝජන ගේන්න පොදු රද මඩුලු ගිය ගිහානි දැන් කියන කතාව .!

10450Views

පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගි වූ ගිහානි වීරසිංහ නම් කාන්තාවක් අතිශය කතාබහට ලක්වුනා. පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ගිහානි එම චෝදනා වලට පිළිතුරු දී තිබුනා,
එම සංවාදය පහතින් ,

* ගිහානි වීරසිංහ රඟපෑමට එක්‌වන්නේ කොහොමද කිව්වොත්?
 
මම කේම්බ්‍රිඡ් සුදුසුකම්ලාභිනියක්‌ විදිහට ගුරුවරියක්‌ විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක්‌ විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක්‌ විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.
 
* ඊට පසුව?

 
ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක්‌ විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක්‌ විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ. ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගපෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක්‌ කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක්‌ මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.
 
* මේ දවස්‌වල ගිහානිගේ රඟපෑමට වඩා ලන්ඩන් සංචාරයක්‌ ගැන තමයි කතා කරන්නේ?
 
මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක්‌ පටබැඳල තියෙනවා. එක නමක්‌ තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක්‌ නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක්‌ අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට්‌ චරිතය. 

* මේ සිද්ධ වෙච්ච දේ ගැන මොකද හිතන්නේ?
 
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක්‌ එක්‌ කාලවලට නැගලා එන තරුවක්‌ විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්‌. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක්‌ කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක්‌ කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක්‌ තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.
 
* පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට සහභාගි වුණ නිසා නේද මේ දේ සිද්ධ වුණේ ?
 
ඔව්. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක්‌ සහ අසභ්‍යත්වයක්‌ නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක්‌ තියෙනවා.
 
සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක්‌ අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක්‌ අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස්‌ ප්ලාන්ට්‌ කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්‌.
 
* ඔබ නිර්දෝෂී නම් සැබෑ සිද්ධිය මේක නෙමෙයි නම් ඇත්ත සිද්ධිය අපට හෙළිකරන්න පුළුවන්ද?
 
පැහැදිලිවම. 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්‌. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්‌.
 
* ගිහානිට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා නේද?
 
එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා.
 
* මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා ඔප්පු කරන්න ගිහානිට සාක්‍ෂි තියෙනවාද?
 
ඔව්. අපි ඒවා දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.
 
* ගිහානිට ගසන ලොකුම මඩේ තමයි ආයෝජකයන්ගේ සුර දූතිකාව ලෙස නම් කිරීම. ලංකාවට ආවට පස්‌සෙ මේ වගෙ දේකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා හිතුවද?
 

මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක්‌ තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක්‌ කියන්න තියෙනවා.
 
* ඒ මොකක්‌ද?
 
මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක්‌ ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක්‌ දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක්‌ නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.

 



  

 සංවාදය : දිනේෂ් විතාන / දිවයින

YOU MAY ALSO LIKE