Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පත්තරය රූපවාහිනියට ගෙන‍ා බන්දුල පද්මකුමාර, නැවතත් පත්තර අතරට....!

6720Views

දශක හතරකට වඩා වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේස්ත්‍රයට නව සංකල්ප හඳුන්වා දෙමින් මෙරට මාධ්‍ය කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකල ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා තවත් අලුත් අත්දැකීමක් ලබා දෙමින් මෙරට ජනතාව අතරට නැවතත් සමීප වී තිබෙනවා. ඒ ඔහුගේ කතෘත්වයෙන් මෙරට පුවත් පත් අතරට එකතුවන නවතම පුවත්පත වන සැබෑ පුවත්පත සමඟයි.

මේ වන විට රූප මාධ්‍ය හරහා ප්‍රචලිත උදෑසන පුවත්පත් විමර්ෂණ වැඩසටහන් වල මූලාරම්භය සිදුවන්නේද බන්දුල පද්මකුමාර මහතාගේ සංකල්පයක් මතයි. ඔහුගේ සංකල්පයක් අනුව බිහිවන ‘‘මුල් පිටුව‘‘ උදෑසන පුවත්පත් විමර්ෂණ වැඩසටහනට මෙරට ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වුනේ ඉහල ප්‍රතිචාරයක්.

ලක්බිම පුවත්පතේ ආරම්භක ප්‍රධාන කතෘවරයෙකු වූ බන්දුල පද්මකුමාර මහතා ඒ සමඟ පිරිනැමෙන රිද්ම අතිරේකය හරහා මෙරට පුවත්පත් කලාව නැවුම් මාවතකට යොමු කලා. එසේම සමුදුර, මුතුහර, රැජින වැනි සතිපතා පුවත්පත් හරහාද නැවුම් අත්දැකීමක් පාඨකයාට ලබා දෙන්නට ඔහු සමත් වුනා.

තාරුණ්‍යය වෙනුවෙන් ටැබ්ලොයිඩ් පුවත්පත් කලාව හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටයි. ඔහු ඒ සඳහා ක්‍රියා කලේ 70 දශකයේ මුල් භාගයේ සිටයි.

කතෘවරුන්ගේ සංසඳය නිර්මාණය කරන්නට දැවැන්ත මෙහෙවරක් ඉටුකල ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකුද ලෙසද කටයුතු කලා. ලේක් හවුස් ආයතනයේ සභාපති ධූරය දරන්නනට තරම් පරිනත මාධ්‍ය දැනුමකින් යුතු පුද්ගලයෙකු බවට පත්වුනු බන්දුල පද්මකුමාර මහතා සීමාසහිත ප්‍රින්ට් බුක් සමාගමේ ආරම්භක සභාපතිවරයාද වුනා.

එවන් පරිනත වූ මාධ්‍යවේදියෙකුගේ කතෘත්වයෙන් මෙරට පාඨක ජනතාව අතර එන සැබෑ පුවත්පත මෙරට පාඨක ජනතාවට අලුත් අත්දැකීමක් ගෙන එනවා නොවනුමානයි.