Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකාවේ ඔබ මෙතෙක් නොදුටු වෛද්‍ය ප්‍රසාද්ගේ අති දැවැන්ත මෝස්තර නිරූපන තරගාවලියට සියල්ල සූදානම්

4532Views

වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය  විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවැත්වූ අති දැවැන්තම මෝස්තර නිරූපන තරගාවලියට මේ වන විට සියල්ල ලහි ලහියේ සූදානම් වෙමින් පවතී.

ලෝකයේ මේ දක්වා කිසිදු මෝස්තර නිරූපන තරගයක නොපැවැති සුවිශේෂී වූ අංගයක් මෙම තරගාවලියේ පැවැතීම මෙම තරගාවලිය කෙරෙහි දෙස් විදෙස් අවධානය දිනා ගැනීමට හේතුවක් වී ඇත. 

තරගාවලියේ සියලු තරග වටවලදී සහභාගීවන තරග කරුවන් හා තරගකාරියන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණයන් එසැනින් සියලු දෙනාටම දැන ගැනීමේ හැකියාව තිබීම මෙම සුවිශේෂීත්වයයි. මෙවැනි විනිවිධ භාවයකින් යුතුව නිරූපන තරගාවලියක් ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේම මෙතෙක් පවත්වා නොමැති බවට නිරූපණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ පළමු වතාවට සංචාරක අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය ඇතිව පවත්වන මෙම නිරූපන තරගාවලියට  සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ආශිර්වාදය හා සහයෝගයද වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියට නොඅඩුව ලැබී ඇත. එමෙන්ම  මෙරට මෙන්ම පිටරට අතිදැවැන්ත ව්‍යාපාරික ආයතන ගණනාවක් මෙන්ම සුප්‍රකට ශ්‍රීලාංකිකයන් රැසක් මෙම කටයුත්තේදී වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සමග අත්වැල් බැදගෙන සිටීම තවත් සූවිශේෂීත්වයකි. 

මෙම මෝස්තර නිරූපන තරගාවලියේ අවසන් මහා තරගය මේ මස  16 වැනිදා සවස 7ට කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත් වීමට සියල්ල සූදානම්  අතර

එම අවස්තාවට ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩයන්, ශ්‍රී ලංකාවේ මෙන්ම සිංගප්පූරුවේ ජනකාන්ත නළු නිලියන් හා යුරෝපයේ හා ජපානයේ  ප්‍රවීන මෝස්‌තර නිරුපන ශිල්පින් සහභාගී වීමට නියමිතය.  

Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 යන තරග අදියරයන් 4ක් යටතේ අවසාන වටයට තේරුණු තරග කරුවන් හා තරග කාරියන් 32ක් අවසන් මහා තරගයේදී  තරග වැදීමට නියමිතය.

අවසාන මහා තරගයේදී  Miss Tourism SriLanka to Miss Tourism World 2018 හා Mister Ocean SriLanka to Mister Ocean International 2018 කියන තරග  ජයගන්නා ජයග්‍රාහකයා හා ජයග්‍රාහිකාව චීනයේ පැවැත්වෙන මෙකී ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවීමටද  Global Charity Queen 2018 තරගයේ ජයග්‍රාහිකාව තායිවානයේ පැවැත්වෙන එකී ජාත්‍යන්තර තරගය නියෝජනය කිරීමටද සුදුසුකම් ලබයි.

මෙම  තරගවල ප්‍රධාන පුහුණු කරු (main choreographer)ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කරන අතර සහය පුහුණු කරු ලෙස (assistant choreographer) නික් ජයමහ මහතා කටයුතු කරයි. නිල ඡායාරූප ශිල්පියා ලෙස ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරන මහතා ද නිල රූපලාවන්‍ය ශිල්පිනය ලෙස රමණී ප්‍රනාන්දු මහත්මියද මෙහි කටයුතු කරයි. 

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පවත්වන මෙම සුවිශේෂී හා දැවැන්ත මෝස්තර නිරූපන තරගාවලියේ මේ තාක් දුරට පැවැති තරග පහත ඡායාරූපවලින් නරඹන්න.

ඔබට ටිකට් අවශ්‍යනම් අමතන්න නදී  077 6345424

YOU MAY ALSO LIKE