Sunday, June 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ගෝඨාට ජනපති වීමට ඇමරිකාව කිසි ලෙසකින් ඉඩ තබන්නේ නෑ‘‘ - ලංකාවෙන් යන්න ඔන්න මෙන්න තිබියදී ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහින්ද හමුවී කියපු කතාව!

18499Views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල්  කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් සඳහන් කර ඇති බව වාර්තාවනවා.

නොබො දිනකින් සිය නිළ කාලය අවසන් වී මෙරටින් පිටත්ව යාමට නියමිත තනාපතිවරයා, පසුගිය 10වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට ගොස් ඇති අතර එහිදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයටකට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම කිසි ලෙසකින් පිලිනොගන්නා බවත් ඊට දැඩි ලෙස විරුද්ධ බවත්ය.

ඇමරිකානු තානාපතිවරයා මෙහිදී නිහඬව පවසා ඇත්තේ  ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස නම් නොකරන ලෙසය.

අන්තර්ජාතික ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින්නේ දේශපාන පරිණතභාවයක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු බව පැය එකහමාකරකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී තනාපතිවරයා අවධාරණය කර තිබේ.කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම කාරණය සම්බන්ධව දක්වා ඇති ප්‍රතිචාරය මෙතෙක් වාර්තා වන්නේ නැහැ.


 

YOU MAY ALSO LIKE