Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තිතක්වත් නැතුව රූපවාහිනියේ මග හැරුනු වැඩසටහන් නැවතත් බලන්නේ මෙහෙමයි .!

18857Views

තාක්ෂණයේ දියුණුවත් සමග සාමාන්‍ය ජන ජිවීතයට සම්බන්ධ වූ රූපවාහිනිය වර්තමානයේ සෑම දෙනාටම නැතුවම බැරි මෙවලමක් වී අවසන්. තමන්ගේ ප්‍රියතම වැඩ සටහන්, ප්‍රවෘත්ති,  මෙන්ම ටෙලි නාට්‍යයද නැරඹීම සදහා රූපවාහිනිය ඉදිරිපිට කල් ගත කිරීම සෑම දෙනාගේම පාහේ විනෝදාංශයයි.

ඒ තරමටම රසාස්වාදය සපයන මෙවලමක් , සේවාවක් බවට පත්වූ රූපවාහිනිය නරඹන විට ඇතැම් විට ගැටලුද පැන නගිනවා. කාර්ය බහුලත්වය හෝ මග හැරිය නොහැකිම අවශ්‍යතාවයන් නිසා තමන්ගේ ප්‍රියතම රූපවාහිනි වැඩසටහන මග හැරීම බොහො දෙනෙකුගෙන් එල්ලවන මැසිවිල්ලක්. එවිට එම මග හැරුනු රූපවාහිනි වැඩසටහන නැවතත් නැරඹීමට නොහැකි වීම ගැටලුවක්ව තිබෙනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශ වලට දුර්වල සංඥා නිසා හට ගන්නා දර්ශන අපැහැදිලිතාවය රූපවාහිනිය නැරඹීමේදී ඇතිවන තවත් ගැටලුවක්. තීරයේ තිත් හෝ වෙනත් අපැහැදිලිතා සදහා දුර්වල සංඥා හේතුවන අතර එම නිසාම ශබ්දයේ අපැහැදිලිතාද හටගන්නා බව බොහො දෙනාගේ තවත් මැසිවිල්ලක්.

කෙසේ වෙතත් මෙවැනි ගැටලු සදහා විසදුම් ලබා දී ඉහලම රූපවාහිනි අත්දැකීමක් සදහා ලබා ගත යුතු සේවාද පවතිනවා. සරල උදාහරනයක් ලෙස නොවැලැක්විය හේතුවක් නිසා ඔබගේ ප්‍රියතම රූපවාහිනි වැඩසටහන නැරඹීමට නොහැකි වුවහොත් එය නැවතත් නැරඹිය හැකි අවස්තාවක් පවතිනවා.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් SLT - PEO TV සේවාව හරහා. මෙම සේවාව හරහා ඔබට මඟහැරුණු පසුගිය වැඩසටහන් නැරඹීමට හැකියාව පැවතීම විශේෂයි..

PEO TV සේවාව විසින් දේශීය විදේශීය රූපවාහිනි නාළිකා රැසක් හදුන්වා දී තිබෙන අතර මෙම රූපවාහිනි නාළිකා ඉහලම දර්ශන පැහැදිලිතාවයෙන් ලබා දීමද විශේෂත්වයකි. මෙම සේවාව හරහා රූපවාහිනිය නැරඹීමේදී අයහපත් කාලගුණික තත්ව යටතේද ඉහලම දර්ශන පැහැදිලිතාව සමගින් රූපවාහිනිය නැරඹීමේ පහසුකම පවතිනවා.


 

YOU MAY ALSO LIKE