Sunday, March 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

යශෝධ රංගේ බණ්ඩාරගේ රියදුරු බලපත්‍රය අහෝසි කරයි - බීමතින් රිය පදවා නිවසක් කුඩු කල ඇමති පුතාට එරෙහිව දුන් තීන්දුව!

7485Views

ඉකුත් 12 වැනිදා හලාවත දිසා අධිකරණය විසින් යශෝධ රංගේ බණඩාර  අද (14දා)  තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.  අද එම නඩුව යළි කැඳවූ අතර එහිදී ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

නඩුව අවසන් වන තෙක් රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

බීමතින්  කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය  කොට්ටපිටිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වූ අතර එම සිදුවීම දැඩි කතාබහටද ලක්විය.අනතුරට ලක්වූ වාහනයේ තිබී කඩු පොලු මුගුරු මෙන්ම වොඩ්කා බෝතලයක්ද හමුවිය.

තම පුත් යශෝධ රංග බණ්ඩාර අතින් සිදු වූ රිය අනරතුර සම්බන්ධයෙන් මාධ්‍ය විසින් චිත‍්‍රපටයක් නිර්මාණය කර ඇති බවත් බීමතින් රිය පැදවූයේ යැයි මාධ්‍ය විසින් වාර්තා කලත් වොඩ්කා බෝතලයේ තිබුනේ බොන්න ගෙනගිය ඇල් වතුර යයිද රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසා තිබිණි.

කෙසේ වෙතත් පොලීසිය විසින් ඇමති පුත‍්‍රයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බීමතින් රිය පැදවීම, කඩුවක් සන්තකයේ තබා ගැනීම, රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු චෝදනා කිහිපයක් මතයි.

ඔහුට මීට පෙරද රිය අනතුරු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.