Tuesday, March 26, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විවාහයට සියලු කටයුතු සූදානම් - ලංකාවේ කිම්ලා - ට්‍රම්ප්ලා ලබන දෙසැම්බරයේදී එකතුවෙනවා

6551Views

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොරියාවේ කිම් ජොන් උන් එක්වූ ආකාරයටම ලංකාවේ කිම් ජොන්ලාත් - ඩොනල්ඩ් ට්‍රම්ප්ලාත් එක්වන බව හිටපු ආමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එම එක්වීම ලබන දෙසැම්බර් මාසයේදී සිදුවනු ඇති බවත්, කපුකම දහසයේ කන්ඩායම විසින් සිදු කරනු ඇති බවත් ඔහු  සඳහන් කළේය.

2020 ජනාධිපතිවරණය වෙත යා යුතු  වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුර ලබා දුන් පසුව බවත්, ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ඔවුන්ගේ අභිලාෂය බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කීය.