Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඥාණසාර හිමිට බරපතළ සිර දඬුවම් ලැබෙද්දි සන්ධ්‍යා එක්නැලිගොඩ සතුටින් ඉපිල ගිහින්

18415Views

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය විසින් අද (14) ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමා ඉතා සතුටට සහ සෑහිමට පත්වන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කරයි.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ  සඳහා  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.
    
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මෙලෙසද ප්‍රකාශ කළේය.

“පුරවැසියාගේ වගකීම තමා නීතිය ශක්තිමත් කිරීම. මට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව තමයි මහේස්ත්‍රාත්තුමා දඬුවම් නියම කළේ. මේ දඬුවමෙන් මම සෑහීමකට පත්වෙනවා හා සතුටට පත්වෙනවා. අධිකරණයක් ඇතුළේ හෝ ස්ත්‍රියකට හින්සා කිරීම වරදක් කියන එක මේ රටේ සියලුම මිනිස්සු දැනගන්නවා. අනාගතයේදී ඕනෑ තරම් මිනිස්සු ඉන්න පුළුවන් වින්දිතයින්ට හිංසා කරන්න.”