Saturday, December 15, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මචං...අපි... - ගෝඨාට ජනපති වෙන්න ඉඩ නොදෙන කතාවට ඇමරිකානු තානාපතිගෙන් උත්තරයක්!

12816Views

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපතිවරයා වීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල්  කිසිලෙසකින් ඉඩ නොතබන බව මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් සඳහන් කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

පසුගිය 10 වනදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ ඇමරිකානු තානාපතිවරයා මෙලෙස අදහස් පලකල බවත්,ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයටකට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම කිසි ලෙසකින් පිලිනොගන්නා බවත් එහිදී සඳහන් වී තිබුණි.

පසුව මෙම පුවත සාවද්‍ය බව කියමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ නමුත්, ඇමරිකානු තනාපති කාර්යාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් පරිශීලකයෙකු කළ විමසීමකට සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් ලබාදෙමින් ඇමරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත්තේ ‘නිවැරදි නොවන සෑම පුවතකට ප්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් වලට වැය කිරීමට ඉතුරුවන්නේ කුඩා කාලයක් බවයි‘...