Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රංගනත් නෑ..දිල්රුවනුත් නෑ..ප්‍රබලම දඟපන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩාගාරයේ තබා දෙවන ටෙස්ට් ගැටුමට ගිය චන්දිමාල්ගේ අමුතු උපාය!

4928Views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට කීරණය කළ අතර ශ්‍රී ලංකාකණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා සිටිනවා

අද (14) තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.එහිදී ශ්‍රීලංකා පිලේ ප්‍රබලම පන්දු යවන්නා වන රංගන හේරත් වෙනුවට අකිල ධනංජය කැඳවා තිබීම විශේෂත්වයක්.

ආබාධයකට ලක්වූ ළහිරු ගමගේ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත කැඳවා තිබෙනවා..පෞද්ගලික හේතුවක් නිසාවෙන් නැවත දිවයිනට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ධනංජයද සිල්වා කණ්ඩායමට එක්ව තිබෙනවා.එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරාටද මෙම තරඟය අහිමි වී ඇති අතර ඒ වෙනුවට මහේල උඩවත්ත කැඳවා තිබෙනවා.ඔහු මීට සුළු මොහොතකට පෙර ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියා.

කෙසේ වෙතත් ශ්‍රීලංකා පිලේ ප්‍රබලම සහ අත්දැකීම් බහුලම දඟ පන්දුයවන්නන් දෙදෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් තරඟයට පෙර අදහස් දැක්වූ  නායක චන්දිමාල් ප්‍රකාශ කළේ එය උපායක් වශයෙන් කළ දෙයක් බවයි.ඔවුන් දෙදෙනා වෙනුවට එක්වූ අකිල ධනංජය මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ එක් ටෙස්ට් තරඟයක් පමණක් වන අතර, කසුන් රාජතගේ මංගල ටෙස්ට් තරඟය මෙයයි.

YOU MAY ALSO LIKE