Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මාතර කල්ලි නායකයා මරා දැමීම අනුමත කරන්න බෑ, මේ යහපාලනය" මිය ගිය පාතාලයා වෙනුවෙන් ඇමති මංගල ඉදිරියට!

40317Views

පසුගිය දින මාතර ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලයක් අතරතුර එම කොල්ලකරුවන් විසින් පොලිස් නිළධාරියෙක් ඝාතනය කළ පුවත නෙත් ගොසිප් අප ඔබට මින්පෙර වාර්තා කළා. එම පොලිස් නිළධාරියා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවාද ඊයේ දින (23) පොලිස් වෙඩි පහරින් මිය ගියා. ඒ මෙම අපරාධය කිරීමට සැරසී සිටි ඇඳුම් බෑගය පොලීසියට පෙන්වීමට යාමේදි. එහිදි සඟවා තිබූ බෝම්බයක් පොලිස් නිළධාරීන්ට එල්ල කිරීමට උත්සාහ කළ අවස්තාවේ පොලිස් නිළධාරීන් එල්ල කළ වෙඩි පහරින් සැකකරු මියගොස් තිබුනා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයම නියෝජනය කරන දේශපාලඥයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් වන, මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා. එහිදි අමාත්‍යවරයා පවසන්නේ " පොලිස් නිළධාරියාගේ අමානුෂික ඝාතනයට එම ඝාතනය සිදු කළා යැයි සැකකරන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදීම ඝාතනය කිරීමෙන් සාධාරනයක් ඉටු නොවන" බවයි. මේ යහපාලනය මිස යමපාලනය නොවන බවත් අමාත්‍යවරයා සටහන් කර තිබුනා.

අමාත්‍යවරයාගේ ට්විටර් සටහන පහතින්,


 

YOU MAY ALSO LIKE