Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මහ රෑ හෝටලයෙන් ගිහින් රෑම එළියේ ඉඳලා, බිය වූ ගුරා පොලීසි ගිහින්" කොදෙව් ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා විනය කැඩූ හැටි!

5716Views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන්ගේ විනය පිළිබදව පසුගිය කාල‍යේ දැඩි ලෙස කතාබහට ලක්වුනා. මේ අතර සමාජජාලා මාධ්‍ය ඔස්සේ යොවුන් ක්‍රීඩකයන් රැසකට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වීද තිබුනා..

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ජෙෆ්‍රී වැන්ඩර්සේ නැවතත් ශ්‍රී ලංකාවට හරවා එවීමට කණ්ඩායම් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ජෙෆ්‍රි වැන්ඩර්සේ විසින් ක්‍රීඩකයන් රැඳි සිටි හෝටලයෙන් රාත්‍රීයේ පිටව ගොස්, රාත්‍රීය හෝටලයෙන් පිටත ගත කර නැවතත් හෝටලයට පැමිණ ඇත්තේ පසුදා උදෑසනයි.

මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ සිය ආයතනය සමග අත්සන් තබා ඇති ගිවිසුම් උල්ලංඝනය වන පරිදි වැන්ඩර්සේ කටයුතු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු ඔහු යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව කි‍්‍රකට් ආයතනය සදහන් කරනවා.

වැන්ඩර්සේ සහ තවත් කී‍්‍රඩකයින් තුන් දෙනෙකු කොදෙව් දූපත් හි ශාන්ත ලූසියා හි පැවති දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසු රාති‍්‍ර කාලයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට ගොස් තිබෙනවා. සෙසු කී‍්‍රඩකයින් යළි ශී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලය වෙත පැමිණි අතර වැන්ඩර්සේ පැමිණ ඇත්තේ පසුදා උදෑසනයි.

අදාල කාලය තුළ වැන්ඩර්සේ හෝටලය තුල නොසිටීම හේතුවෙන් ඔහු අතුරුදහන්ව ඇතැයි සිතූ කණ්ඩායම් කළමනාකාරීත්වය මේ පිළිබදව එරට පොලීසියටද පැමිණිලි කර තිබෙනවා. යළි හෝටලය වෙත පැමිණීමෙන් පසු වැන්ඩර්සේ පවසා ඇත්තේ තමන් සමග හෝටලයෙන් පිටත ගිය සෙසු කී‍්‍රඩකයින් තුන්දෙනා තමන්ට මග හැරුණු බවයි. මේ නිසා තමාට හෝටලය සොයා ගැනීමට නොහැකිව අතරමං වූ බවයි වැන්ඩර්සේ එහිදී කණ්ඩායම් කළමනාකාරීත්වයට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් හෝටලයෙන් පිටවී වැන්ඩර්සේ රාත්‍රීය ගත කර තිබෙන්නේ කොහිද යන්න පිළිබදව වාර්තා වන්නේ නැහැ.
 

YOU MAY ALSO LIKE