Saturday, February 23, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"විභාග වංචා ඉවරයි, ජියෝ ෆෙන්ස් තාක්ෂණය ලංකාවට" විභාග වංචා නවතන්න ගේන සුපිරි තාක්ෂණය ක්‍රියාත්මක වෙන හැටි!

5345Views

අති නවීන තාක්ෂණය යොදා ගෙන සිදු කරන විභාග වංචා පිළිබදව පසුගිය දිනවල නිරන්තරයෙන් පුවත් වාර්තා වූවා. මේ අතර එම විභාග වංචා නැවැත්වීමේ අරමුණින් විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සුදානම් බව වාර්තා වෙනවා.

මේ අනුව සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි වැදගත් විභාග වලදී නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සිදුවන විභාග වංචා නැවතීමේ අරමුණින් නවීන ජියෝ ෆෙන්ස් (GEO- FENCE) තාක්ෂණය භාවිතා කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ පිළිබදව අදහස් දක්වන විභාග කොමසාරිස් සනත් පූජීත මාධ්‍යයට පවසන්නේ ජියෝ ෆෙන්ස් තාක්ෂණික ක්‍රමවේදය හරහා නිශ්චිත විභාග ශාලා ප්‍රදේශයන්හි දුරකථන සංඥා සියල්ල අහෝසී කළ හැකි බවයි. පසුගිය කාලයේ ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ ආදිය විභාග ශාලාවලට ගෙන ගොස් ඇතැම් අපේක්ෂකයන් විභාග වංචා වලට සම්බන්ධ වූ අතර මෙම තාක්ෂණය හරහා එම වංචා නවතා දැමීමට හැකි බවත් විභාග කොමසාරිස්වරයා පවසනවා.