Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"දැන් කණ්ඩායම තෝරන්නේ ටිකක් වෙනස් විදියට" කණ්ඩායමේ තේරීම් ගැන හතුරුසිංහගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

7578Views

 

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරූ අඩියක සිටින අවස්තාවක මීට මාස කිහිපයකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය භාර ගත් ඔහු චන්දික හතුරුසිංහයි. ක්‍රිකට් රසිකයන්, කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් පාලනාධිකාරිය පවා ඔහු කෙරෙහි විශාල බලාපොරොත්තු තබා සිටියේය.

තමන්හට ලැබුනු නව වගකීම පිළිබදවද , එහිදි තමන් කණ්ඩායමට කළ කී වෙනස්කම්ද , දැන් පැවැත්වෙමින් පවතින කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගය පිළිබදවද පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා.

එම සංවාදය පහතින්,

"මේ ටෙස්‌ට්‌ තරගාවලියට එන කොට අපි කොදෙව්වන්ට වැඩිය ඉදිරියෙන් හිටියේ. මෙහේ තණතිලි වේග පන්දු යවන්නන්ට සෑහෙන්න හොඳයි. ඒක අපි දැනගෙන ලැස්‌තිවෙලා තමයි ආවේ. ඒ පෙර සූදානම අපිට වාසියක්‌ වුණා. අපි වේග පන්දු යවන්නෝ පස්‌දෙනෙක්‌ ගෙනාවේ තණතීරු ගැන දන්න නිසා. පළමු තරගයට වැඩිය අපි දෙවැනි තරගය ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා ක්‍රීඩකයන් අත්දැකීම් ගන්න කොට දියුණුවක්‌ පේන්න තියෙනවා."
 
"රෝස පන්දුවෙන් පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය දෙපිලටම අභියෝගයක්‌. මොකද දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගය දෙපිලටම අලුත් අත්දැකීමක්‌ නිසා. කොදෙව්වන් ඒ අයගේ රටේ ගහන පළමු දිවා රාත්‍රී තරගය මේක."
 
"මේ තණතීරුව ලෝකයේ වේගවත්ම තණතීරුවක්‌. ඒ වගේම ඩියුක්‌ පන්දුවත් මේ වගේ තණතීරුවලට ගොඩක්‌ වාසියි වේග පන්දු යවන්නන්ට. එංගලන්තයේ ඩියුක්‌ පන්දුවෙන් ගහපු දිවා රාත්‍රී ටෙස්‌ට්‌ තරගයක්‌ දවස්‌ දෙකහමාරකින් වගේ අවසන් වුණා. ඒ නිසා දෙපිලටම ලේසි නැහැ." 

"දැන් කණ්‌ඩායමේ සංකලනය සහ තේරීම් ටිකක්‌ වෙනස්‌ විදිහට තමයි මම කරන්නේ. ඉතින් ක්‍රීඩකයන් හඳුනා ගන්න ගමන් ඉදිරිය ගැන හිතන ක්‍රමවේදයක්‌ තියෙන්නේ. කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ස්‌ථාවර තැනක්‌ ඇති කරලා තරගාවලිය ජය ගන්න එක තමයි සැලසුම. එක තරගාවලියක්‌ ජය ගෙන අනිත් ඒවා පැරදිලා වැඩක්‌ නැහැ. ශ්‍රේණිගත කිරීම්ව ඉහළට එන්න ඕන. විශේෂයෙන් ලංකාවෙදී අපිට පරදින්න බැහැ. මම ආවට පස්‌සේ තවම එක තරගාවලියයි දිනුවේ. නමුත් කණ්‌ඩායමක්‌ වශයෙන් අපේ ක්‍රීඩකයන් දැන් හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම සමහර ක්‍රීඩකයන් දැන් පොද්ගලික දක්‍ෂතාවන් ගොඩක්‌ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා." 

"අපිට මේ තරගාවලියටත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ ආබාධ නිසා නැති වුණා. ඒ නිසා කණ්‌ඩායමේ සංයුතිය වෙනස්‌ කරන්න සිද්ධ වුණා. රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර ආබාධ වුණා. ඇන්ජලෝ මැතිව්ස්‌ටත් යන්න වුණා. කොහොම වුණත් මේ අභියෝගයට මුහුණ දෙන්න අපි ලෑස්‌ති වෙලයි ඉන්නෙ."
 
"ජෙෆ්රි වැන්ඩ්‍රසේව සහ අසිත ප්‍රනාන්දුව අපි කොදෙව්වලට ගෙනාවේ තරග ගස්‌සවන්න නෙමෙයි. ඒ අයට අත්දැකීමක්‌ ලබාදෙන්න. දසුන් ශානකවත් ගෙනාවේ අතිරේක පිතිකරුවෙක්‌ හැටියට. මොකද 15 දෙනාට අමතරව තව ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්‌ ගේන්නෙ අනාගත ආයෝජනයක්‌ විදිහට. ඒ අයට අනිත් අය වගේම පුහුණුව ලැබෙනවා. ඒ වගේ ක්‍රීඩා විවේකාගාරයේ අපිත් එක්‌ක ඉන්නකොට තරග ස්‌වභාවයට හැඩ ගැහිලා ඒ ඒ අවස්‌ථාවලට ගැලපෙන පීඩනයට හුරුවෙනවා. මේ සැලැස්‌ම මම ඔස්‌ට්‍රේලියාවේදීත් බංග්ලාදේශයේදීත් කළා."

 

සංවාදය : අසේල විතාන / දිවයින
 

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

378
2018-07-18

INAMI

171
2018-07-18

Rashmi Madushika

187
2018-07-18

Nuwandika Siriwardena

2155
2018-07-17