Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලෝකේ අප්‍රසන්නම වර්ණය දැකලා තියෙනවද?

4522Views

ලෝකයේ අප්‍රසන්නම වර්ණය ලෙස සැලකෙන පැන්ටෝන් 448C, නැතහොත් ඔපේක් කෞච් (opaque couché), දුම් පානය කරන්නන් සිගරට් මිළදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා සිගරට් ඇසුරුමේ වර්ණය ලෙස යොදා ගන්න බව ඔබ දන සිටියාද?

මෙම වැඩපිළිවෙළ ආරම්භ කළේ 2012 දී ඕස්ට්‍රේලියානු රජය විසින් සිගරට් සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමේ අරමුණෙනි. වඩාත්ම ආකර්ෂණය අඩු අකාරයෙන් ඇසුරුම්කරණ සැලැස්මක් සඳහා ගතයුතු නව ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා GfK Bluemoon පර්යේෂණ ආයතනය පත් කරන ලදී.

දුම් බොන්නන් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් අඩුම ආකර්ෂණයක් ඇති වර්ණය තෝරා ගැනීමට යොදාගත් අතර, අපිරිසිදු සහ මඩ පැහැයකට නෑකම් කියන්නාවූ පැන්ටෝන් 448C නමින් හඳුන්වන වර්ණය ප්‍රමුඛත්වය ලබාගෙන ඇත. ඉන්පසු සිගරට් ඇසුරුම් සඳහා එකම ආකාරයෙන් එම වර්ණය යොදාගත් අතර දුම්බීමේ ආදීනව නිරූපනය කරන සෞඛ්ය අනතුරු ඇඟවීම් සහ ඡායාරූපද ඇතුලත් කරන ලදී.

දැන් එම සිගරට් ඇසුරුම්කරණ සැලැස්ම එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ ප්‍රංශය ද අනුගමණය කරනු ලබයි. වෙළඳ නාම ඇසුරුමේ සඳහන් කලයුත්තේ සාමාන්‍ය ආකාරයේ සහ ප්‍රමාණයේ අකුරුවලින් නියමිත ස්ථානයක විය යුතුය.

ලෝකේ අප්‍රසන්නම වර්ණය ලෙස සැලකෙන පැන්ටෝන් 448C


- සිසිර නිශාන්ත මානගේ