Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින දරුවන්ගේ කතාව ගැඹුරු අරුතක් සමගින් කාටුන් චිත්‍රයකට නැගුන හැටි - තේරුම දැනගන්න ක්ලික් කරන්න 

6235Views

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින ළමුන් ගැන මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මේ අතර තායිලන්තයේ cr Sisidea නම් කාටුන් ශිල්පියා විසින් මෙම සමස්ත සිදුවීම අපූරු කාටුන් චිත්‍රයකට නගා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම චිත්‍රයයි. 


 

බැලූ බැල්මට මෙම චිත්‍රයේ ඇත්තේ සරල අර්ථයක් ලෙස හැඟී ගියත් එම චිත්‍රයේ නිරූපණය වන එක් එක් අංග වලින් නිරූපණය වන අර්ථය පහතින් බලාගත හැකියි. 


ධවල අලියා -ගුහාව පිහිටා ඇති තායිලන්තයේ Chiang Rai පළාතේ ප්‍රධානි ආණ්ඩුකාර වරයා මෙන්ම ළමුන් ගලවාගැනීමේ මෙහෙයුමට පණපොවන නායකයා වන  Narongsak Osatanakorn නිරූපණය වේ. 

වල් ඌරු පැටවුන් - සිරවී සිටින ළමුන්ගේ පාපන්දු කණ්ඩායමේ නම wild boars වේ. එම නිසා එම ළමුන් 12 දෙන සහ පිටුපසින් එන ප්‍රමාණයෙන් විශාල ඌරා පුහුණුකරුවා ලෙස දක්වා ඇත. 

ධවල අශ්වයා - මෙහෙයුම සඳහා සහභාගී වූ සෑම කෙනෙකුම මින් නිරූපණය වේ. සෑම කෙනෙක්ම ධවල නයිට් වරයෙක් වශයෙන් සැලකේ.

සීල් මත්ස්‍යයා - තායිලන්ත සීල් සෙබළුන්

ගෙම්බා - සියලු ජල කිමිදුම් කරුවන්

සිංහයා - බ්‍රිතාන්‍ය ජීවිතාරක්ෂක කණ්ඩායම 

කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජීවිතාරක්ෂක කණ්ඩායම 

පැන්ඩා - චීනයෙන් පැමිණි ගලවාගැනීමේ කණ්ඩායම

කුරුල්ලා - ජපානයෙන් පැමිණි මුදවාගැනීමේ කණ්ඩායම 

මුවා - මෙහෙයුම සඳහා ස්වීඩනයෙන් පැමිණි කණ්ඩායම 

කොටියා - මෙහෙයුම සඳහා මියන්මාරයෙන් පැමිණි කණ්ඩායම 

දුඹුරු අලියා - මෙහෙයුම සඳහා ලාඕසයේන පැමිණි කණ්ඩායම 

බල්ලා - K9 පොලිස් සුනඛ අංශය 

කළු පැහැති කුරුල්ලන් - ගලවාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ Thai Birds Net Expert කණ්ඩායම. 

මකරා - ගුහාවේ වතුර ඉවත් කරන ජල පොම්ප කරුවන් කණ්ඩායම 

අයන් මෑන් - ටෙස්ලා, Space X, ව්‍යාපෘති දියත් කළ ඊලොන් මස්ක්

කහ පැහැති කුරුල්ලන්  -  සියල්ලට ඉහලින් සිට ලොවට වාර්තා කරන මාධ්‍ය 

කහ පැහැති කුරුල්ලන් අතර සිටින කළු කුරුල්ලා - ගලවාගැනීමේ මෙහෙයුම විවේචනය කරන මාධ්‍ය ඇතුළු පිරිස.