Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘කොයි වෙලේ බැලුවත් හෑන්ඩ් ෆොන් එකේමයි..මාව ගණන් ගත්තේ නෑ..ඉතිං මරන්න තීරණය කළා‘‘ - ජනප්‍රිය ගායිකා ප්‍රියානි ජයසිංහ ඝාතනය කළ සැමියා පානදුර පොලීසියට කළ පාපෝච්චාරණය..!

24000Views

 

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය පිළිබඳ පානදුර පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ.

තම බිරිය ගැන විශාල සැකයක් තිබූ බවත්, ඔහු කියන කිසිවක් ඇය නොඇසූ බවත් සැකකාර ප්‍රභාත් රසික ඊටන් (52) නමැත්තා එහිදී සඳහන් කර තිබේ.

'මම කතුරක කොටසක් තබාගෙන හොඳට මුවහත් කරලා ගෙදර තැනක හංගලා තිබුණා. පසුගිය ඉරිදා (08දා) රාත්‍රි අටට විතර පුතා ගෙදරින් එළියට ගියා. ලේලිය විතරයි ගෙදර සාලේ හිටියේ. ඊට පස්සේ මම මගේ බිරිය හිටපු කාමරයට ගියා. එයා සමඟ තිබුණු කෝපයට අර මුවහත් කරපු කතුරු කොටසෙන් මම බිරියගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි, ඔළුවටයි ඇන්නා. ඇඳ උඩ එයා වේදනාවෙන් කෑ ගහනවා මම දැක්කා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. පස්සේ මම ගෙදරින් පැනලා ගියා.'

"මට මගේ බිරිය ගැන විශාල සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ.

ඇතැම් අවස්ථාවල එයා අනුරාධපුරයේ යනවා. එහෙම ගිහිල්ලා දවස් කීපයක් එයා එහි ගත කරනවා. එයාගේ ජංගම දුරකථනයට කොච්චර කෝල් ගත්තත් එයා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ නිසා එයා ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා.

මගේ බිරිය මට එරෙහිව පානදුර අධිකරණය හමුවේ නඩුවක්ද පවරලා තිබුණා. පසුව අධිකරණය මඟින් මට ගෙදර යෑම තහනම් කරලා නියෝගයක්ද ලබාදීලා තිබුණා. ඒ තහනම පසුගිය මාසයේ ඉවත් වුණා. ඊට පස්සේ මීට දින කීපයකට ඉහතදී මම ගෙදර ගියා. එහෙම ගියාට පස්සේ මම කිව්වා එයාට අපි දෙන්නා සාමදානයෙන් ඉමු කියලා.

එහෙම ඉන්න අතරදී මට එයා ගැන ආයෙත් සැකයක් ඇති වුණා. එයාගේ හැසිරීම් රටාව මට ඇල්ලුවේ නැහැ. කොයි වෙලාවේ බැලුවත් එයා හෑන්ඩ්ෆෝන් එක එක්කමයි හිටියේ. එන හැම කෝල්වලටම එයා කතා කරනවා. මම කතා කළාම එයා මාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම එයාව මරන්න තීරණය කළේ." යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ වනවිට  ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය  අංක 546/1 අලුබෝගහලන්දවත්ත, කුඩා අරැක්ගොඩ, පානදුර පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඇගේ අවසන් කටයුතු 12 වන බ්‍රහස්පතින්දා සවස 4ට පානදුර මිනුවන්පිටිය ප්‍රසිද්ධ සුසාන භූමියෙදි සිදුකෙරේ.
 

 

 

 

YOU MAY ALSO LIKE

GALLERY

Narmadha Yapa Abewardena

377
2018-07-18

INAMI

170
2018-07-18

Rashmi Madushika

186
2018-07-18

Nuwandika Siriwardena

2154
2018-07-17