Wednesday, November 14, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මෙන්න පැජන්ට් කින්ග් වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගේ අලුත්ම වැඩේ -  විවාහක රූ රැජින තේරීමේ තරගයට  සියල්ල සුදානම්...! (PHOTOS)

5529Views

මෙන්න පැජන්ට් කින් වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගේ අලුත්ම වැඩේ - විවාහක රූ රැජින තේරීමේ තරගයට සියල්ල සුදානම් විවාහක රු රැජින කිරුල හිමි කරගැනීමට ඔබත් කැමති නම් අමතන්න නදී 077 6345424

කළුබෝවිල චීන කටු  වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය කියන්නේ කවුරුත් නොදන්නා චරිතයක්නම් නොවේ. චීන කටු වෛද්‍ය විද්‍යාවට නම් මෙතුමන්ගේ හැකියාව ට උපමා උපමෙයන් අනවශ්‍යයි. මොකද මේ වෙද්දී ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශිකයන් පවා මේ වෙදදුරාගෙන් ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා  පැමිණෙයි.

ඒ ඔහු කරන්නා වූ සේවයේ ප්‍රතිඵල නිසැකවම ලැබෙන බව දෙස් විදෙස් ජනයා දන්නා නිසාවෙනි.පසුගිය මාසයේ මොහු තවත් සුවිශේෂී වූ කර්තව්‍යක්  සිදු කළා ඒ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යන්න තරුණ තරුණියන් සුදානම් කරවීමයි.ඒ කල මෙහෙවරට  තවත් අටු අටිකා ටිප්පනිනම් අවශ්‍ය වන්නේ නැත.

මන්ද එය පසුගිය මාසය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ අස්සක් මුල්ලක් නැර කතාබහට ලක් විය. ඒ  සමාජ මාධ්‍යයේ කතා බහ අවසන් වුයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියට පැජන්ට් කින් යන අනුවර්තන නාමයද එක කරමිනි.ඒ නමින් කතා කලොත් පැජන්ට් කින් වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යන්න තවත් සුවිශාල වූ කටයුත්තකට අතගහලා. ඒ විවාහක රූ රැජින තේරීමේ තරඟය . 

ඒ තරගය සඳහා අයදුම් කිරීමට ඔබටත් අවස්ථාව හිමි වෙලා තියනවා 

ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය තව නොබෝ දිනකින් ආරම්භ  කිරීමට නියමිතයි.දැනටමත් ඒ සඳහා  වූ අයදුම්පත්‍ර  එම ආයතනයට ලැබෙමින් පවතිනවාලු. 

මෙහි සියලුම සංවිධායක කටයුතු කරන්නේ Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 යන තරග සංවිධානය කල පි ඩි එන්ටර්ට්‍රෙට්මන්ට් ආයතනයෙන් ය. 

මේ තරගාවලියේ ද  ආරම්භයේ පටන්ම වෛද්‍ය ප්‍රසාද්  දේශප්‍රිය සමග සංචාරක අමාත්‍යංශයම අත්වැල් බැදගෙන සිටින බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. මේ තරග සඳහා ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමාගේද පුර්ණ සහයෝගය නොවඩුව ලැබෙන බවද ආරංචි මාර්ග පවසනවා.එයට ප්‍රධානම හේතුව වනුයේ සංචාරක ක්ෂේත්‍රයේ නැගී සිටීමට වන පිටිවහලයි.

පි ඩි එන්ටර්ට්‍රෙට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය  කියන්නේ මේ නිරුපන තරඟ වලට ආධුනිකයෙක් නොවේ. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිවුවට මොහුනම් එසේ නොවේ. 

පසුගිය අවුරුද්දේ  ප්‍රංශයේ පවතී  Mister Elegant International France වුයේද ප්‍රසාද් දේශප්‍රියයි.

ජාත්‍යන්තර තරග වලින්ද ජය ගෙන සිටින මොහු මෙවන් වූ තරග පැවැත්වීමේ නිල අයිතිය ලබා ගන්නේ ඒවාට සුදුස්සෙක් කියා පසක් කිරීමෙන් අනතුරුවය.  පි ඩි එන්ටර්ට්‍රෙට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය  MRS.OCEAN WORLD 2018 තරගය ජාතික අධයක්ෂකවරයාද වේ.එහි නිල අයිතිය මේ වන විට ඔහු ලබාගෙන අවසන්ය.මෙහි නිල අයිතිය මොහුට ලබා දුන්නේ පසුගිය තරග වල නිල අයිතිය ලබා දුන්  Christine Shritine Huang මහත්මිය විසින්මය 

මෙම තරගය ජයග්‍රහණය කරන ජයග්‍රහිකාවන්ටද ප්‍රංශය, සිගප්පුරුව, ස්විස්ට්‍රලන්තය,චීනය ,තායිලන්තය ,මැලේෂියාව,ඉන්දුනීසියාව වැනි රටවල සංචාර කිරීමේ අවස්ථාවද  එමෙන්ම  වටිනා තෑගිද හිමිවේ . 

එමෙන්ම ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මේ සඳහා වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සමඟ අත්වැල් බැදගෙන සිටි. ඊට අමතරව ජපානය ,සිංගප්පුරුව  ,ස්විස්ටර්ලන්තය,  තායිලන්තය ,චීනය පකිස්ථානය ,ඉන්දියාව,ප්‍රංශය  ආදී රටවල ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ද සම්බන්ද වී ඇති බව ආරංචි මාර්ග තව දුරටත් අනාවරණය කරයි.

මෙහි නිල ජයාරූපකරණය මෙවරත්  දයාන් විතාරණ අතින් සිදුවීම සුවිශේෂී වේ.

මේ විවාහක රු රැජින කිරුල හිමි කරගැනීමට ඔබත් කැමති නම් අමතන්න නදී - 0776345424 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YOU MAY ALSO LIKE