Wednesday, September 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සැරයන්වරයා මැරූ හිමිනමගෙන් වෛද්‍යවරුන්ටත් බාධා..! ආවාසයෙන් නොසිතු දේවලුත් මතුවෙයි...! පොලිස් නිළධාරියාට උසස් වීමක්..!

20108Views

පසුගියදා හිමිනමකගේ පහරදීමකින් මියගිය රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් සමරවික්‍රම  උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. මියගිය සැරයන්වරයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව  එම මරණය බෙල්ලට සහ පපුවට සිදුකර ඇති පහරදීම් හා තෙරපීම්වලින් සිදුවූ තුවාලවලින් බව  අනාවරණය කරගෙන තිබෙනවා. එසේම පහරදීම නිසා සැරයන්වරයාගේ  ඉළඇට 11ක් බිඳී ඇති බවද එම වාර්තාවේ සඳහන් වනවා.

රත්නපුර කොස්පැලවින්න ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වරෙන්තුවක් භාරදීම සඳහා මෙම පොලිස් නිලධාරියා එම විහාරස්ථානයට ගොස් ඇති අතර  ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් හිමිනම සැරයන්වරයාට පහරදී තිබුණා. සැරයන්වරයාට පහරදෙන අවස්ථාවේදී ඔහුගේ කෑගැසීමට අනුව ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබූ අතර පොලිස් කණ්ඩායමක් පැමිණෙන විටත් සැරයන්වරයා සිහිසුන්ව වී වැටී සිටියා.පසුව ඔහු රත්නපුර රෝහලට ඇතුලත් කළ අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් විසින් සැරයන්වරයාගේ දිවි ගලවා ගන්නට විශාල උත්සාහයක් දරා තිබුණද එය අසාර්ථක වී තිබුණා.

මේ අතර සැකකාර හිමිනම වාසය කළ ආවාසගෙය තුළ තිබී අත්බෝම්බයක්, කෙටේරියක්, උල් පිහි සහ මන්නා පිහි, ඇසිඩ් පිරවූ බෝතල් සහ වස කුප්පියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා. එසේම මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිමිනම වෛද්‍යවරුන්ටද බාධා කරමින් හිතුවක්කාරී ලෙස හැසිරෙන බවයි සඳහන් වන්නේ. එසේම මෙම හිමිනමට ප්‍රදේශවාසීන්ද බයක් දක්වන බවද ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

 

YOU MAY ALSO LIKE